Friday, January 22, 2010

සැබෑම හිට්ලර් පෝල්පෝට් හා ඉඩියමින් කවුරුද...




සැබෑම හිට්ලර් පෝල්පෝට් හා ඉඩියමින් යනු මහරජතුමාය.මන්ද යත් මහින්ද කලේ වීරෝදාර රණවිරුවන් ලේ,ඉස්,මස් හා ජීවිත පූජා කරමින් යුද්දය ඉදිරියට යන විට මහරජ හා කේවට්ට රැල සිදුකලේ ජන්ද සිතියම ඇදීමටය.අහවල් දවසට අප කිලිනොච්චිය අල්ල ගන්නවා යනුවෙන් පවසමින් ද මේමෙහෙතේ ජන්දය පැරදුනොත් යුද්දය නැවැත් වීමට සිදුවන බවද පවසමින් ඔහු කලේ බලය ලබාගැනීමට කල් යල් බැලීමය.යුද්දය අවසන් වන තුරු "අපි වෙනුවෙන් අපි"යනුවෙන් රණ ගී කියු රාජ්‍ය මාධ්‍ය ඉන් පසුවට හැම මොහොතකම "ආයුබෝ වේවා මහරජ"යනුවෙන් පවසමින් රණ විරුවන්ගේ කර මතින් ගොස් රණවිරුවන් අමතක කර තමාත් තම පවුලත් යුද්දය අවසන් කලේයැයි අඩ බෙර ගසන මහරජ හිට්ලර් පෝල්පෝට් හා ඉඩියමින් නොවන්නේද?තවද අද තම පුතුවද හමුදාවට ලබා දුන්නයි අද අඩබෙර ගසන මහ රජා අවුරුදු 60 ක් තුල අප රට ලබාගත් ණය ප්‍රමානය අවුරුදු 04ක් තුල ලබා ගනිමින් මේ රටට කල සෙතක්ද නොවේ.
මේ රට මුදා ගැනීම තමාගේ ජීවිතය දෙවනි කොට සලකා ක්‍රියාකල සරත් ෆොන්සේකා මහතා අද රට පාවා දීමට කටයුතු සිදු කරන බව මහරජතුමා හා කේවට්ට රැල පවසති. මෙය වනාහි අවුරුදු උත්සවයකදී ප්‍රකාශ කලානම් හොඳම බොරුවට හිමි ත්‍යගය නියත වශයෙන්ම නොලැබෙයිද?ජෙනරාල් වැඩ කලේ රට සහ ජනතාව වෙනුවෙනි. මහ රජා ක්‍රියා කලේ තම පවුලේ සුකවිහරනය පිනිසය.එයින් නොනැවතී මහරජා දැන් දේශයේ වීරයෙකු වු ජෙනරාල්ට මඩ ගැසීම්ද චරිතය ඝාතනය කිරීමකද නිරිත වී සිටී.එහි කොන්ත්‍රත්තුව භාරව සිටින්නේ වාචාල කටවල් හිමි පිරිසක් හා ITN,රූපවාහිනී නාලිකා මෙන්ම ලේක්හවුස් ආයතන වලිනි.මේ ආයතන මැද මුලන බූදලයද?නැත අහිංසක මහ ජන මුදල්ය.
එ බැවින් බුද්දි මත්ව හිතා බලන්න සැබැවින්ම හිට්ලර් පෝල්පෝට් හා ඉඩියමින් මහ රජු නොවෙද?

4 comments:

  1. Mewa therenne nane.ap godak ayata. Den me "Api wenuwen api" aramudalata wechcha deyak naha. den "Ayu boho wewa maha rajaneni". ekath 27 wenidan iwarai.

    ReplyDelete
  2. මහරජා pension යන්න හිටපු fonseka ව ගත්තෙත් තමන්ගේ සුඛ විහරණය පිණිස ද?

    ලෝකේ පුරාම රටවල් තරහ කරගෙන යුද්ධ කරද්දී වුවත් ඒ කුමන ප්‍රශ්න තිබුණත් තමන්ගේ රටේ ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් රනිල් ලා කතා කරන්න තියා telephone call එකක් වත් දෙන්න බය ඉරාන ජනාධිපති වගේ අය එක්ක fit වෙලා තෙල් ලංකාවට ගත්තේ තමන්ගේ උන්ට කරන්න ද?

    අනේ පොඩි එකෝ ... ඔය හැටි ගුණමතු වෙන්න එපා ...උඹත් විභිෂණගේ ළඟ නෑයෙක් ද ? නැත්තම් ජුදාස් ගේ බාප්පද?

    ReplyDelete