Monday, January 4, 2010

මාදුටු Apple iPhone




Apple iPhone යනු නව ආරක් ජනතාව වෙත හදුන්වා දුන් විශාල ඉදිරි පියවරක් තැබු ජංගම දුරකතනයකි.හුග දෙනෙක් Apple iPhone දුරකතනයට විවේචන එල්ල කලද එදා මෙදා කාලය තුල ලොව ජංගම දුරකතන වල එතෙක් පැවති සම්ප්‍රධාය වෙනසකට ලක්කර ලොව තරුණ පරපුර අමන්දා නන්දයට පත් කල දුරකතන අතලොස්ස අතරින් ඉදිරියෙන්ම සිටින දුරකතනයකි.

මෙහි 2G දුරකතනයේ විශාල අඩු පාඩු පැවතියද දුරකතනය භාවිතා කරන්නාට එය නොදැනෙන පරිදි නිර්මාණය කර ඇත.ප්‍රදාන වශයෙන්ම touch screen යක් යනු කුමක්දැයි හදුන්වා දීමේ පුරෝගාමියා ද,නැවුම් වූ හැඩය හා හුරුබුහුටි නිමාව මෙන්ම user friendly බවද උපතින්ම හිමිකර ගත් Apple iPhone නැමති ජව සම්පන්නයා ලොව තරුණ පරපුරේ නවමු විලාසිතාව බවටද නොබෝ දිනකින් පත් විය.

Apple iPhone Copy කරමින් විවිධ සමාගම් දුරකතන හදුන්නා දුන්නද එම දුරකතන තවමත් ඉතාමත් ප්‍රතමික මට්ටමක පවතී.

No comments:

Post a Comment