Thursday, April 15, 2010

Apple iPhone භාවිතා කරන්නන්ට සුභ ආරංචියක්...


අද මම උදේ iPhone එකට Applications Download කරගන්න හිතල App Store පැත්තෙ කරක් ගහනකොට මෙන්න බොලේ මම මෙතෙක් කල් බලාන හිටපු "Opera Mini 5" Apple iPhone එකට Release කරල.පටාර් ගාල Download කරල බැලුව.ගින්දර වගේ වැඩ.මට මාර සතුටුයි.මෙකද මෙච්චර කාලයකට Apple iPhone එකේ තිබුනෙ ඔවුන්ගෙම Web browser යවූ Safari ය.
වැඩි විස්තර සදහා පහත සැබදිය භාවිතා කරන්න.
http://www.opera.com/mobile/

Tuesday, April 13, 2010

සුභ සිංහල දෙමළ අලුත් අවුරුද්දක් වේවා...


ලැබුවා වූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද ලෝවැසි සැමට සාමය සතුට ඉතිරෙන සුභම සුභ අවුරුද්ද කට ආසිරි.(ජෙනරල් තුමනි ඔබවද අපට අමතක වී නැත.ඔබව නිරපරාදේ හිරකර තැබුවද සත්‍ය කිසි දිනක හිර කල නොහැක.අලුත් අවුරුද්දේ අවුරුදු පැතුම් අතර මගේ පැතුම ඔබ තුමාව අද හෙටම සියලු ම දෙයින් නිදොස් කොට නිදහස් කරන ලෙසය.)

Monday, March 22, 2010

මෙන්න අවශ්‍ය වන මෘදුකාංගයක්...



මේකෙන් අපේ පරිගණකයේ Screen Record කර ගත හැක.මෙය බොහෝවිට වැදගත් වන්නේ අපට youtub වලට හෝ යම්කිසි දෙයක් යමෙකුට පැහැදිලි කරදීමට වැදගත් මෘදුකාංගයකි.මෙය පහත Link එක මගින් Download කරගත හැක.
http://www.screen-capture-record.com/

Thursday, March 11, 2010

ගැජට්ස් ගැන අප නොදත් සහ අප දැන ගත යුතුම කතාවක්...









ඇමරිකාවේ වෙළඳ පොළ සමීක්ෂණ ආයතනයක් වන iSuppli විසින් පසුගියදා ලොව ජනප්‍රිය ඉලෙක්ට්‍රොනික් උපංග(ජනප්‍රිය)කිහිපයක වෙළඳ පොළ මිලහා එම උපාංග සදහා එකී සමාගම් වැය කෙරූ මුදලද මෙම සමීක්ෂණය තුලින් එළියට පැමිණ ඇත.

1.Apple iPad
දිනය.
2010 මාර්තු(Wi-Fi Models),2010 අප්‍රේල්(3G Models).
සිල්ලර මිල.
$499 සිට ආරම්භවේ.
උපාංග සදහා වැය කර ඇති මුදල.
$219.35 සිට $334.95 දක්වා.

2.Google Nexus One
දිනය.
2010 ජනවාරි 05
සිල්ලර මිල.
$179 ආරම්භවේ
උපාංග සදහා වැය කර ඇති මුදල.
$174

ඇමරිකාවේ T-Mobile සමාගමේ වසර 02 ගිවිසුමට යටත්ව $179 කටද නොමැතිව(ගිවිසුම)$529 අලවි කරයි.

3.Motorola Droid
දිනය.
2010 නොවැම්බර් 06
සිල්ලර මිල.
$199 ආරම්භවේ
උපාංග සදහා වැය කර ඇති මුදල.
$185

ඇමරිකාවේ Verizon Wireless සමාගමේ වසර 02 ගිවිසුමට යටත්ව $199 කටද නොමැතිව(ගිවිසුම)$59 අලවි කරයි.
4.Apple iPhone 3GS
දිනය.
2009 ජුනි 19
සිල්ලර මිල.
$199 ආරම්භවේ
උපාංග සදහා වැය කර ඇති මුදල.
$179.16
iPhon 3G නිෂ්පාදනයේදී iPhone 2G නිෂ්පාදනය කල මුදලින් $53 ක් අඩු කර ගැනීමට Apple සමාගම සමත් උවද iPhone 3GS මාදිලි යේදී $5 පමන වැඩිවී ඇත.මෙයට හේතුව Flash මතකයේ මිල එතරම් විශාල ලෙස අඩු නොවීම,ස්වයංක්‍රීය නාභිගත කිරීමක් සහිත(Auto-Focus)3-Megapixel කැමරාවක් සහිතව හා Samsung ක්‍රමලේඛන චිපය $1 වැඩිවීමයි.

5.Palm Pre
දිනය.
2009 ජුනි 06
සිල්ලර මිල.
$200 ආරම්භවේ
උපාංග සදහා වැය කර ඇති මුදල.
$137.83
Web OS නැමති නවතම මෙහෙයුම් පද්ධතියකින් ක්‍රියාත්මකවේ.මෙහි තිරය සදහා පමනක් $39.51 ක් වැයකර ඇත.එය සමස්ත දෘඩාංග සදහා වන වියදමින් 1/4 ක අගය ඉක්මවා යන්නකි.8GB Flash මතකයේ මිල $15.96 ද රැහැන් රහිත මොඩියුලයට $15.41 ද3-Megapixel කැමරාව වෙනුවෙන් $12.39 ක වියදමක් දරා ඇත.

6.Amazon Kindle 2
දිනය.
2009 පෙබරවාරි 09
සිල්ලර මිල.
$359
උපාංග සදහා වැය කර ඇති මුදල.
$185.49
$60 E Ink Corp.නිෂ්පාදිත තිරයටද,Novatel Wireless සමාගමේ රැහැන් රහිත මොඩියුලයට$39.50 ද Freescale Semiconductor සමාගමේ ක්‍රමලේඛන චිපය සදහා $8.64 ද Samsung මෙමරි චිපය සදහා $6.10 ද බාහිර ආවරණයට $4.45 ද බැටරි පද්ධතියට $7.50 වියදමක් සමාගම දරා තිබේ.

7.Apple iPod Shuffle
දිනය.
2009 මාර්තු 11
සිල්ලර මිල.
$49(4GB)ආරම්භවේ
උපාංග සදහා වැය කර ඇති මුදල.
$21.77
Samsung Flash මතකයට $6 ද Samsung චිපයක් යොදමින් සංගීතය හැසිර වීම හා පාලන ඒකකයට $5.98 ද බැටරිය සදහා $1.55 තවද හෙඩ්ෆෝනය සදහා $1.20 දරා ඇත.

8.Research in Motion BlackBerry Storm
දිනය.
2008 නොවැම්බර් 21
සිල්ලර මිල.
$249ආරම්භවේ
උපාංග සදහා වැය කර ඇති මුදල.
$202.89
Qualcomm සමාගමේ Wireless චිපයට $35 වියදම් කර ඇත.

9.Research in Motion BlackBerry Bold
දිනය.
2008 ඔක්තෝබර්
සිල්ලර මිල.
$300 ආරම්භවේ
උපාංග සදහා වැය කර ඇති මුදල.
$169.41
AT&T සමාගම හරහා මෙය $300 මිල නියම කර ඇත.

10.Apple iPhone 3G
දිනය.
2008 ජූලි 11
සිල්ලර මිල.
$199 ආරම්භවේ
උපාංග සදහා වැය කර ඇති මුදල.
$174.33
මුල්ම iPhone යට $227 වැය කර ඇත.

දැනට ඇති අන්තර්ජාලය මෙන් 100 වේගවත් ජාලයක් බිහිකරයි...


හුග කාලෙකින් මොකුත් ලියන්නත් බැරි උනානෙ.හැබැයි මේක බැලුවාම කට්ටියට පිස්සු හැදිල ආය හැදෙනව.වැඞි කතා ඕන නෑ කෙලින්ම මාතෘකාවට බහිමු.
මේකයි විස්තරය.අන්තර්ජාලයේ මහ ගෙදර වන Google නමින් ඇමරිකාවේ කැන්සාස් නගරය තාවකාලිකව නම් කිරීමට ටොපේකා නගරයේ ආණ්ඩුකාරවරයා වන විලියම් බුන්ටෙන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ මාර්තු මාසය සදහා පමණක් "ටොපේකා" නගරය "Google-Kansas"ලෙස වෙනස් කරන බවයි.මෙයට හේතුව ලෙස සදහන් කරන්නේ එය ලොව පලමු නවින ෆයිබර් ඔප්ටික්ස් නගරය ලෙස ඉතිහාස ගත වන බැවිනි.තවද සංචාරකයිනට විශේෂ ඇරයුමක්ද කර ඇත.
Google සමාගම විශේෂ නිවේදනයකින් පවසා ඇත්තේ තම සමාගම පරීක්ෂෂණ මට්ටමින් සුපිරි වේගයකින් යුත් Broadband Internet ජාලයක්(පුඑල්පරාස අන්තර්ජාල සේවාවක්)ක්‍රියාත්මක කරන බවය.එය දැන් තිබෙන අන්තර්ජාලයට වඩා 100 ගුණයකින් වේගවත් යැයි Google වැඩි දුරටත් පවසා ඇත.පරීක්ෂණ මට්ටමින් ක්‍රියා කරණ මෙම ජාලයට අනුව තත්ත්පරයට ගිගාබයිට් එකක දත්ත හුවමාරුවක් කිරීමට ඔවුන් බලා පොරොත්තු වෙයි.
කොහොමද වැඩේ... අපේ රටට මෙවැනි වේගයක් ලබාදීමට තවකල්ප කාලයක් යනු ඇත.

Thursday, February 18, 2010

තවත් බලා සිටිය නොහැකි තැන...




මේ දවස් වල Facebook වල සිංහල ජනතාව LTTE ත්‍රස්තවාදීන් යැයි හන්වඩු ගසමින් විවිධාකාරයේ ජායාරූප දමමින් විකාර අදහස් මිනිසුන්ගේ ඔලුවලට දැමීමට තරම් දෝශප්‍රේමීන් සැහැසි වී ඇත.අපේ රට බේරා දුන් විරුවා අද LTTE ත්‍රස්තයෙකි.අද ජෙනරාල් ෆොන්සේකා මහතා නොව අප සැම සහ ප්‍රජාතන්ත්‍රවාදයි මෙසේ සිරකර ඇත්තේ.එතෙර සිංහල(සැබෑම දෝශප්‍රේමීන්)මෙසේ උත්ඝෝෂණය කරමින් ජෙනරාල් වෙනුවෙන් හඩ නැගී මෙන් ඔවුන්ට වෙන යහපතක් නොමැති තරම්ය.නමුදු ඔවුන් අද මෙලෙස හඩ නගන්නේ සිංහල ලේ වෙනුවෙනි. තම ජීවිතය තම පවුල සහ තමන්ගේ ජීවිතයේ සුන්දර සියලුම දේ අමතක කරමින් ඒවා සියල්ලම තම මවුබිම වෙනුවෙන් දිය කර හරිමින් දශක තුනක් පමන කුරීරු LTTE ත්‍රස්තයින්ගෙන් මවුබිම මුදා ගැනීමට තරම් නිර්භීත බවක් තිබූ ජෙනරල් අද වන සතෙකු සේ සිරකරගන සිටින්නේ දෝශප්‍රේමීන් ඔවුන් වන නිසාද?(පෝස්ටර් වල කටවුට් වල සහ මධ්‍ය වලින් බලහත් කාරයෙන් මිනිසුන්ගේ ඔලු ගෙඩි තුලට පොවීමෙන් සැබෑ දෝශප්‍රේමීන් නොවන්නේය.සැබෑ දෝශප්‍රේමීන් අඩ බෙර ගසා තමා දෝශප්‍රේමියා යෑයි නොපවසයි.අඩු කලය නොවේද හෙල්ලෙන්නේ)
එදා දෝශප්‍රේමීන් සහ දෝශදෝහීන් යැයි බෙදූ මොවුන්ම අද LTTE සහ සිංහල යන් යැයි බෙදා වෙන් කරමින් අද මුලු රටම පරම්පරාව විසින් වනසමින් සිටී.මා දන්නා පරිදි මා දෝශදෝහියෙකු හෝ LTTE ත්‍රස්තයෙකු නොවේ.
මම ජෙනරාල් වෙනුවෙන් පෝරකයට උව යාමට සූදානම්ය.ඒ මන්ද ජෙනරාල් එදා මුලු රටේම ජනතාව(සිංහල,දෙමළ සහ මුස්ලිම්)යැයි නොබෙදා එක මවකගේ දරුවන් සේ සලකා අප වෙනුවෙන් අවි අත දැරූ ඔහු වෙනුවෙන් අපට කැප කිරීම් කල නොහැක්කේ මන්ද?
ඔබ බුද්ධි මත්නම්(බත් කන තරමට හෝ)හිතා බලන්න ප්‍රජාතන්ත්‍රවාදයට හා නිදහසට මහා විනාශයක් අත ලගය...

Tuesday, February 16, 2010

අපගේ ජනපති වහා නිදහස් කරනු...








ජන්දයද කොල්ලකා ජෙනරාල් සරත් ෆොන්සේකා මැතිතුමාගේ ජනපති කම නැතිකර දමා නින්දිත ලෙස ජෙනරාල්ව පැහැර ගෙන දැන් ඔහුට එරෙහිව එකදු වරදක් වත් ගොනු කොට නොහි මහරජ ලතවේ.අප සැබෑ වීරයාට වූ අසාධාරණයට දැන්ම පෙල නොගැසුනොත් ජෙනරාල්තුමාටද කිරීමට යන්නේ මේජ ජෙනරාල් ජානක පෙරේරා මැතිතුමාට කල හදියම මිස වෙන කුමක්ද?(මේජ ජෙනරාල් ජානක පෙරේරා මැතිතුමා ගැන වැදගත් ලිපියක් http://sadaharita.wordpress.com/2010/02/13/janaka_perera/ මෙම අඩවියේ ඇත.සෑම කෙනෙක්ම බැලිය යුතු බැවින් මා මෙහි මෙම Link එක එක් කරමි.)අද වන විට ජෙනරාල් රදවා ඇති තැන ජනෙල්ද සීල් තබා ඇති අතර වෛද්‍ය වරයා පවසා ඇත්තේ ඔහුට වායු සමීකරණයක් ලබාදෙන ලෙසය.සංවේදී නායකයෙකුගේ ලක්ෂණය ඕකද?අද පිල්ලයාන්ලා කරුණා අම්මාන් සුර සැප විදින අතර ජාතිය බේරා ගත් රටට ආදරය කල වීර සෙන්පති අපාදුක් විදියි.මෙවැනි දේවල් ලාංකික ජනතාව වශයෙන් අපට ඉවසිය හැකි වේද?
අද ජෙනරාල් හොරෙකි කුමන්ත්‍රනකරුවෙකි.නමුත් එදා ලොව හොදම හමුදාපතිය.මා දකින පරිදි ජෙනරාල් කල වැරදි නම් දෙකකි.
01.යුද්ධය දරුණු කාලයේදී ඔහු මවු බිම වෙනුවෙන් සටන් කිරීම.(ත්‍රස්තවාදයට භියේ ඇමරිකාවට පලා නොයා.)
02.ප්‍රජාතන්ත්‍රවාදීව ජනපතිවරණයට තරගකිරීම.(ආණ්ඩුව විසින් ලබා දුන් ලේඛම් කම භාර නොගෙන.)
ඉතින් ඕනෙම මිනිසෙකුට පේන්නැද්ද මේ දෙශපාලන වෛරයක් කියා.ජෙනරාල් සරත් ෆොන්සේකාමැතිතුමා(දේශයේ සැබෑම වීරයා කාඩ්බෝඩ් වීරයා මෙන් නොව)වහා නිදහස් කරනු...

Tuesday, February 2, 2010

අලුත් හැඩකාරයා...


කවදත් අලුත් නිර්මාණ ලොවට ඉදිරිපත් කිරීමේ හැකියාව අතින් Apple සමාගම කවදත් ඉදිරියෙනි.Apple iPad යනු ඔවුන්ගේ නවතම හදුන්වා දීමය.Apple සමාගම පවසන පරිදි iPad යනු ඊලග පරපුරේ තාක්ෂණය කැටි කොට ගත්තකි.Multi-Touch Display එක කින් බල ගැන්වුනු මෙය Touch Display එකක උපරිම ආශ්වාදය පාරිබෝගිකයාට ලබා දීමට සමාගම කටයුතු කර ඇත.
මෙහි ප්‍රධාන වශයෙන් වර්ග දෙකකට බෙදේ.එනම් Wi-Fi Model හා 3G Model යනුවෙනි.Wi-Fi Model එක 2010 මාර්තු වලද 3G Model එක 2010 අප්‍රියල් වලද වෙලද පොලට හදුන්වා දීමට Apple සමාගම මේවන විට කට යුතු සන්විධානය කරමින් සිටී.
මෙහි Technical Specifications නම්,
Size and weight1

Height:
9.56 inches (242.8 mm)
Width:
7.47 inches (189.7 mm)
Depth:
0.5 inch (13.4 mm)
Weight:
1.5 pounds (0.68 kg) Wi-Fi model;
1.6 pounds (0.73 kg) Wi-Fi + 3G model

Size and weight1

Height:
9.56 inches (242.8 mm)
Width:
7.47 inches (189.7 mm)
Depth:
0.5 inch (13.4 mm)
Weight:
1.5 pounds (0.68 kg) Wi-Fi model;
1.6 pounds (0.73 kg) Wi-Fi + 3G model

Display

* 9.7-inch (diagonal) LED-backlit glossy widescreen Multi-Touch display with IPS technology
* 1024-by-768-pixel resolution at 132 pixels per inch (ppi)
* Fingerprint-resistant oleophobic coating
* Support for display of multiple languages and characters simultaneously

Wireless and cellular
Wi-Fi model

* Wi-Fi (802.11a/b/g/n)
* Bluetooth 2.1 + EDR technology

Wi-Fi + 3G model

* UMTS/HSDPA (850, 1900, 2100 MHz)
* GSM/EDGE (850, 900, 1800, 1900 MHz)
* Data only2
* Wi-Fi (802.11a/b/g/n)
* Bluetooth 2.1 + EDR technology

Location

* Wi-Fi
* Digital compass
* Assisted GPS (Wi-Fi + 3G model)
* Cellular (Wi-Fi + 3G model)

වැඩි විස්තර සදහා පහත Link භාවිතා කරන්න.
http://www.apple.com
http://www.apple.com/ipad/specs/
http://en.wikipedia.org/wiki/Apple_iPad

Computer Game එකක් අපම හදා ගමුද?...




Microsoft Kodu පරිගණක ක්‍රීඩා කිරීමට නොව පරිගණක ක්‍රීඩා නිර්මාණයට හැකි ප්‍රොග්රැමිං ලැංග්වේජ් එකක් Microsoft සමාගම මේ වන විට සමත් වී සිටී.Kodu යනු එම ලැංග්වේජ් එකයි.Kodu හි අත්හදාබැලීමේ සංස්කරණයක් http://fuse.microsoft.com/kodu/ මෙම Kodu නිල වෙබ් අඩවියෙන් Windows OS වලට හෝ Xbox 360 ගේම් කන්ට්‍රෝලයකට උවද නොමිලේ ලබාගත හැක.
Kodu හි ඇති විශේෂත්වය නම් කෝඩ් නොලියා අයිකන පමනක් එහා මෙහා කර නිර්මාණය කල හැක.

Sunday, January 31, 2010

ලොව හොඳම Live CD 5...


1).Knoppix
(Linux වල පළමු Live CD වලින් එකකි.)
http://www.knoppix.net/
අවශ්‍ය නම් මෙමගින් නොමිලේ ලබාගත හැක.
2).Ultimate Boot CD 4 Windows
(මෙහි අතුරු මුහුනත Windows වලට සමානය)
http://www.ubcd4win.com/
අවශ්‍ය නම් මෙමගින් මෙයද නොමිලේම ලබාගත හැක.
3).Back Track
(මෙය මූලිකත්වය ගනු ලබන්නේ පරිඝණක ආරක්ෂාව සම්බන්දයෙනි)
http://www.backtrack-linux.org/
මෙයද නොමිලේම ලබාගත හැක.
4).Puppy Linux
(මෙය Ultimate Small Linux පවුලේ සාමාජිකයෙකි.100MB පමන අඩු ධාරිතාවයකින් යුතු බැවින් මෙය USB Pen එකක වුව පිටපත් කල හැක.Linux වලට නවකයන්ට භාවිතා කිරීමට හැකි ලෙස සරලව සකසා ඇත.)
http://puppylinux.org/main/index.php?file=Overview%20and%20Getting%20Started.htm
මෙයත් නොමිලේ දෙනු ලැබේ.
5).Ubuntu
(මෙය ගැන සදහන් කිරීමට දෙයක් නැත.මන්ද Ubuntu භාවිතා නොකල අයෙකු සොයා ගැනීම අපහසු බැවිනි.)
http://www.ubuntu.com/
මෙය නිවසටම තැපැල් මගින් නොමිලේ ගෙන්වා ගත හැක.

Tuesday, January 26, 2010

කොහොමද Youtube Video එකක් දාගන්නේ කොහොමද?...


Youtube වල Embed එක Copy කර Post එකට Paste කරන්න.
පහත Video Link එක බලන්න.

Monday, January 25, 2010

කල ගුණ සැලකිය යුත්තේ ජෙනරාල්ට ද මහින්දට ද?...







අප කල ගුණ සැලකිය යුත්තේ ජෙනරාල්ට ද මහින්දට ද?මගේ මතය නම් අප කල ගුණ සැලකිය යුත්තේ ජෙනරාල් සරත් ෆොන්සේකා ට බවයි.මන්ද මහ රජා යුධ ජයග්‍රහනය විකුනමින් කරන මේ බල ලෝභී වැඩ වලට අප හෙට ප්‍රති උත්තර ලබා දිය යුතුය.මහ රජ එදා ජන්දය ඉල්ලනු ලැබුවේ ත්‍රිවිද හමුදාවේ යුධ ජයග්‍රහනය පවසමින් ඔවුන්ගේ කර මතින් ගොස්ය(පළාත් සභා).නමුත් ජනාධිපතිවරණය ආරම්භයත් සමගම මේ රටේ ජාතික වීරයා වූ ජෙනරල්ට මඩ ගසමින් හා නොකල වැරදි කියමින් මහ රජ හා කේවට්ටයින් මේ කරන වැඩ කුජීත නොවේද?මතක තබා ගන්න දැනට මාස 03 කට පෙර ලොව හොඳම හමුදාපතිට මෙහෙම සැලකුවානම් රණවිරුවන් හා මහ ජනතාව ගැන කවර කථාද?මොවුන් බලය ලබා ගැනුමට ඕනෑම සක්කිලි ක්‍රියාවකට පෙලෙබෙන්නේය.තවද පහත Videos නරඹා තීරනයක් ගන්න.ඔබගේ ස්වාදීනව ජන්දය ලබා දීමට හා කැමති අපේක්ෂකයාව පත්කර ගැනීම ඔබගේ අයිතියකි.නමුත් බුද්ධි මත්ව තීරණයක් ගන්න.
අද මාධ්‍ය සදාචාරය ගැන කථාකරන ITN හා රූපවාහිනියට සදාචාරයක් තිබේද?නැත.පොඩිහෝ සදාචාරයක්
තිබුනේනම් මැතිවරණ නීති උල්ලංගණය කරමින් මහ රජාට කඩේ යයිද?








Friday, January 22, 2010

සැබෑම හිට්ලර් පෝල්පෝට් හා ඉඩියමින් කවුරුද...




සැබෑම හිට්ලර් පෝල්පෝට් හා ඉඩියමින් යනු මහරජතුමාය.මන්ද යත් මහින්ද කලේ වීරෝදාර රණවිරුවන් ලේ,ඉස්,මස් හා ජීවිත පූජා කරමින් යුද්දය ඉදිරියට යන විට මහරජ හා කේවට්ට රැල සිදුකලේ ජන්ද සිතියම ඇදීමටය.අහවල් දවසට අප කිලිනොච්චිය අල්ල ගන්නවා යනුවෙන් පවසමින් ද මේමෙහෙතේ ජන්දය පැරදුනොත් යුද්දය නැවැත් වීමට සිදුවන බවද පවසමින් ඔහු කලේ බලය ලබාගැනීමට කල් යල් බැලීමය.යුද්දය අවසන් වන තුරු "අපි වෙනුවෙන් අපි"යනුවෙන් රණ ගී කියු රාජ්‍ය මාධ්‍ය ඉන් පසුවට හැම මොහොතකම "ආයුබෝ වේවා මහරජ"යනුවෙන් පවසමින් රණ විරුවන්ගේ කර මතින් ගොස් රණවිරුවන් අමතක කර තමාත් තම පවුලත් යුද්දය අවසන් කලේයැයි අඩ බෙර ගසන මහරජ හිට්ලර් පෝල්පෝට් හා ඉඩියමින් නොවන්නේද?තවද අද තම පුතුවද හමුදාවට ලබා දුන්නයි අද අඩබෙර ගසන මහ රජා අවුරුදු 60 ක් තුල අප රට ලබාගත් ණය ප්‍රමානය අවුරුදු 04ක් තුල ලබා ගනිමින් මේ රටට කල සෙතක්ද නොවේ.
මේ රට මුදා ගැනීම තමාගේ ජීවිතය දෙවනි කොට සලකා ක්‍රියාකල සරත් ෆොන්සේකා මහතා අද රට පාවා දීමට කටයුතු සිදු කරන බව මහරජතුමා හා කේවට්ට රැල පවසති. මෙය වනාහි අවුරුදු උත්සවයකදී ප්‍රකාශ කලානම් හොඳම බොරුවට හිමි ත්‍යගය නියත වශයෙන්ම නොලැබෙයිද?ජෙනරාල් වැඩ කලේ රට සහ ජනතාව වෙනුවෙනි. මහ රජා ක්‍රියා කලේ තම පවුලේ සුකවිහරනය පිනිසය.එයින් නොනැවතී මහරජා දැන් දේශයේ වීරයෙකු වු ජෙනරාල්ට මඩ ගැසීම්ද චරිතය ඝාතනය කිරීමකද නිරිත වී සිටී.එහි කොන්ත්‍රත්තුව භාරව සිටින්නේ වාචාල කටවල් හිමි පිරිසක් හා ITN,රූපවාහිනී නාලිකා මෙන්ම ලේක්හවුස් ආයතන වලිනි.මේ ආයතන මැද මුලන බූදලයද?නැත අහිංසක මහ ජන මුදල්ය.
එ බැවින් බුද්දි මත්ව හිතා බලන්න සැබැවින්ම හිට්ලර් පෝල්පෝට් හා ඉඩියමින් මහ රජු නොවෙද?

Friday, January 15, 2010

LTTE කොන්ත්‍රත්තුව ආණ්ඩුව අතට...

2009 නොවැ.04 TamilNet වෙබ් අඩවිය කියා සිටියේ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ ඥාතියෙකුට එරෙහි අවි ගනුදෙනුවක් ගැන වාර්තාවක් භාරදීමට "සංහාරයට එරෙහි දමිළයෝ"(Tamils Against Genocide)සංවිදානය සූදානම් වන බවයි.
අද විමල් දෙබෑයන්(රයිගමයයි ගම්පලයයි)රටපුරා දුවන්නේ ඒ කොටි වාර්තාව කරපින්නාගෙනය.
මෙවුන් අද කරන්නේ "සංහාරයට එරෙහි දමිළයෝ" සංවිදානයට කල නොහැකිවු කොන්ත්‍රත්තුව ඉටු කිරීමට නොවේද?අනේ අපොයි මෙහෙම දේශප්‍රේමීන්. මොවුන් වැනි ඊනියා දේශප්‍රේමීන් පොල් පිති වලින්ද කැපිය නොහැකිද?

අලුත්ම අලුත් දේශප්‍රේමියා...



රජුගේ පුත් නාමල් රාජපක්ෂ ලන්ඩන් වලදී එල්.ටී.ටී.ඊ සංවිධානයේ ජාත්‍යන්තර මූල්‍ය ප්‍රධානී එමිල් කාන්ත් හමුවී රහසිගත සාකච්ඡාවක් පවත්වා ඇත.කුමක් සදහාද?තාරුණ්‍යයට හෙටක් වෙනු වෙන්ද?ඔහු අලුත් දේශප්‍රේමියා නොවේද?රට පාවාදෙමින් සිටින්නේ සැබෑම සංවේදී නායකයාද,සංවේදී යැයි කියා ගන්නා මහ රජාද?කක්කුට්ටා(වැඩ බැරි හැකර කටක් ඇති විමල්)දැන් කක්කුටු බෙනේට රින්ගා ගෙනය.මොවුන්ගේ දේශප්‍රේමීත්වය කොහිද?දැනුත් පාරට බැහැපල්ලා ITN,රූපවාහිනියට ගිහින් ගිරිය පුප්පල කෑගහ පල්ලකො රාජපක්ෂ යුව රජු රට වනසනව කියල.

ඊනියා දේශප්‍රේමීන් සහ සැබෑ දේශප්‍රේමීන්...





අද රටේ මහජනතාව දෙවර්ගයකට බෙදා වෙන් කෙට අවසානය.එනම් දේශප්‍රේමීන් හා දේශදෝහීන් යනුවෙනි.නමුදු දේශප්‍රේමීත්වයට මුවාවී රට විනාශ මුඛයට ඇදීමට මහ රජ හැකි සෑම ප්‍රයත්නයක්ම ගැනීමට ඉදිරිපත්ව සිටී.මීට මාස 03 කට පෙර ලොව හොඳම හමුදා පති අද දේශදෝහියෙකි හොරෙකි රට බෙදා වෙන්කරන්නෙකි.මේ කරුනු ඇත්තද?දිය හැකි හොඳම පිළිතුර "නැත" යන්න නොවන්නේ මන්ද?හමුදා පති සිටියේ රජතුමාගේත් ආරක්ෂක ලේඛම්ගේත් යටතේ නොවේද?එබැවින් යම් හොරකමක් සිදුවී ඇත්නම් ඔවුන් දෙදෙනාද වගකිව යුතු නොවේද?එයින්ම පැහැදිලි වන්නේ ආණ්ඩුව හා මහ රජානන්ගේ මාධ්‍ය මේ ගෙන යන්නේ මඩ ගැසීමේ වැඩ සටහනක් බව අප දැනගත යුතුය(මොලය යන්තම් හෝ තිබෙන් නෙකු).එදා වේලු පිල්ලේ ප්‍රභාකරන්ටද කල නොහැකිව තිබූ දෙය අද මේ රජා සහ කේවට්ටයෝ රුල යහමින් සිදු කරමින් දේශප්‍රේමීන් වීමට උත්සහ කරයි.අද ප්‍රභාකරන් සහ රැල කනත්තේ සිට අපට සිනා නොවන්නේද?අද මෙතෙක් ඇමරිකාවේ ජීවත් වු උපුල් ඉලංගමගේට හදිස්සියේ රට ජාතිය මතක් වූයේ කුමටද?ආණ්ඩුව ඉතා හොඳින් මේ ජන්ද සටන මෙහෙයවමින් සිටී(.කක්කුට්ටා වතුර හැලිය රත්වන තුරු නටන්නා සේ).ජන්ද 100ක් හෝ ලබාගත නොහැකි හැල ගෙන්බන් රුපියල් කෝටි 03 කට ගැනීමට තරම් ජෙනරාල් සරත් ෆොන්සේකාගේ ජන්ද ව්‍යපාරය දුර්වල වීද නැත.පට්ට පල් බොරු ගොතමින් දේශප්‍රේමීන් රැල වලි කන්නේ කුමටද?

Wednesday, January 13, 2010

රජතුමාගේ ඇත්ත හෙලිවේ...


මෙන්න තව විස්තර
http://dzoneonline.com/services/ma-hinda-rata/

Monday, January 11, 2010

අපේ මිනිසා දිනවීමට අප සැම අවදි වෙමු.


ජෙනරල් සරත් ෆොන්සේකා නොහොත් සංවේදී මිනිසා ගේ ජය වෙනුවෙන් අප සැම එකතු වීමේ අවශ්‍ය තාව වෙනදාට වඩා අද අප රටට දැනී ඇත.මන්ද අද රටට පිළිලයක් වී ඇති හොරකම,වංචාව,දූෂණය,නාස්තිය හා ලොවම මවිත කල විශාල ඇමති මණ්ඩලය,පවුල් පාලනය, සුදු වෑන් භීතිය අද මුලු රටම වෙලා ගන ඇති යුගයක රටකට අවශ්‍ය මෙවැනි නිගන්ට වැඩ වලට තිත තැබිය හැකි හොඳ විනයක් ඇති සංවේදී මිනිසෙකු මිස රජෙකු රටට අවශ්‍ය නැත.ලොව මවිත කල ඇමති මණ්ඩලයක් සිටීමෙන් රටේ මහජන තාවට මෙතෙක් අත්වූ දෙයක් නැත(බොරු කයිවාරුව හැර).තවද මහින්ද චින්තනයේ පොරොන්දු 99% පමන රටට ඉටු නොකර මහින්ද චින්තනය ඉදිරි දැක්ම කුමටද?අප බුද්ධියෙන් කටයුතු කර අක්‍රමවත් රජ ගෙදර යවා රටේ සුක්කානම හොර බොරු නැති සැබෑම සංවේදී නායකයාට භාර දෙමුද?ජෙනරාල් තුමනි ඔබේ ජීවිතය රට වෙනුවෙන් නොවන්නේද?

Wednesday, January 6, 2010

Google Nexus One ආගමනය Apple iPhone නිසා විනාශයද?


Google සමාගමේ නවතම දුරකතනය වන Nexus One වල ආගමනයත් සමගම Apple iPhone පාවිච්චිය පහල බැසීමේ ඉඩකඩ අඩුය.මන්ද Apple සමාගම මේවන විට iPhone යට සියලුම ගුනාංග ලබා දී හමාරය.තවදiPhone පාවිච්චි කරන පිරිස iPhone තුලින් ඉවත් වීමටද අකමැතිය.Google Nexus One දුරකතනයක් $529 කි.රුපියල් නම් 62,000/= වේ.iPhone යක මිල $99 කි(iPhone හදුන්වා දුන් රට වලට පමනි).තවද Google Nexus One වල touch scree පහසු කමද දුර්වල මට්ටමක පවති.