Thursday, December 1, 2011

ජීවිතය......

මං ඉපදෙද්දී ලෝකේ හරිම සරලයි. පුංචි මගේ ඇස් ඇරලා බලද්දී මගේ වටේ හිටියේ අම්මයි තාත්තායි විතරයි. පස්සේ මං ගෙදර ආවම මගේ අයියව දැක්ක. හරිම සරලයි. නැගිට්ටම කිරි ටිකක් බොනවා අයි ගොඩ වෙලා නිදාගන්නවා. අයි එහෙරුනම කිරි ටිකක් බොනවා අයි නිදාගන්නවා. අම්ම තාත්ත අයිය මට හරිම ආදරයි . ඔහොම ඉද්දි මගේ නෑයෝ කියල කට්ටියක එනවා මාව බලන්න. ලොකු අම්ම, ලොකු තාත්ත, එයාලගේ ළමයි, මාමා, පුංචි, එයාලගේ ළමයි, සිය, ආච්චි, ඔය විදියට මගේ ලෝකේ ටිකක් ලොකු වෙනවා. කිරි විතරක බීපු මට පොඩි පොඩි කෑම හොදට දියර කරලා කන්න දෙනවා. ඒ අතරේ ලෝකෙට එනවා මල්ලි කෙනෙක්. කොහෙන් අවදා කියන්න දන්නේ න. එත් අවට පස්සේ මගේ ආදරේ අඩු වෙනවා, මට තිබ්බ සැලකිල්ල අඩු වෙනවා, මට කිරි දෙන එක නතරම වෙනවා. එත් ලෝකේ සරලයි. ( මන් මේ පෘතුවිය ගැන නෙමේ ලෝකේ කියන්නේ. අපි හැමෝට තියෙනවා තමන්ගේ කියල ලෝකයක්. අන්න ඒ ලෝකේ. ). වටේ කිහිප දෙනෙක් ඉන්නවා. මගේ ජිවිතේ මන් පනින ලොකුම පිම්ම තම ඇවිදින්න පුළුවන් වෙන එක. මං මගේ පලවෙනි අඩිය තියද්දි මට වඩා අම්මයි තාත්තයි සතුටු උනා. ඔහොම ඉද්දි මගේ වටේ අසල්වැසියෝ කියල ජාතියක් හම්බෙනවා. සමහරු හොදට කතා කරනවා. එත් සමහරු මුනවත් නොබලා යනවා. මටත් නොතේරෙන්න මගේ ලෝකේ ලොකු වෙනවා. ජිවිතේ කාටවත් උදුරගන්න බැරි අ, ආ,ඇ, ඈ කියවන්නේ ඔය අතරේ. එදා අම්ම දිහා බලන් අම්මේ කියපු මට අම්ම කියල ලියන්න ප්‍රකාශනයක් හම්බෙනවා. ලෝකේ ලොකුම වෙන දවස තම මං පාසලට යන එක. මේ තරම් සෙනගක්. . . . අම්මෝ. . . අම්මල තාත්තල, අයියල අක්කල, එක වයසේ කට්ටිය, ටිචේර්ල, මර සෙනගක්. ගේ අස්සට වෙලා අම්මගේ තාත්තගේ උණුසුමට වෙලා ඉදපු මව පාසැල විසින් සමාජගත කරනවා. අවසාන ප්‍රතිපල තම හොද යාලුවෝ, නරක යාලුවෝ, තරහකාරයෝ, රණ්ඩු සරුවල්, සිගරට් අරක්කු, කෙල්ලෝ, වැදගත්ම දේ ප්‍රේමවන්තියෝ සහ අධ්‍යාපනය. අම්මයි තාත්තයි එක්ක හිටපු ලෝකේ විශාල වෙලා. ඔහොම ඉද්දි ජිවිතේ අමාරුම කඩයිම් දෙකක් පනිනවා. ඒ තම අ. පො. ස. සාමාන්‍ය පෙළ සහ උසස්පෙළ. සාමන්‍ය පෙලින් පැරදුනු යාලුවෝ රැකියාවක් කරන්න යනවා. එයාල අපේ ලෝකෙන් ගොඩක් දුර යනවා. හොදටම සාමාන්‍ය පෙළ දිනපු අයව එයාලගේ අම්මල තාත්තල ලොකු ඉස්කෝල වලට දානවා. මං වගේ සාමන්‍ය විදිය දිනපු උන් ඒ ඉස්කෝලෙම ඉන්නවා. ඊළගට උසස් පෙළ පිම්ම පනිනවා. එක ගොඩ දාගන්න බැරි උන අය සාමන්‍ය පෙළ ගොඩ දාගන්න බැරි උන අයගේ සෙට් එකටවෙටෙනවා . සාමාන්යෙන් ගොඩ දාගත්ත අය රැකියා වෙළදපොලට යනවා ඉතා අඩු පඩියට. මං යනවා ඉතාම සුළු පිරිසක් එක්ක විශ්ව විද්‍යාලයට. 
විශ්ව විද්‍යාලය. . . දැන්නම් මගේ ලෝකේ සහෙන්නම ලොකුයි. ගෙදර අම්මගේ තන පුඩුවෙන් කිරි උරන් බිල අම්ම තාත්ත අතරේ ඉදපු මං කොළඹට එනවා. සරලව තිබ්බ මගේ ලෝකේ මහා අමුතුම විදියට සංකීර්ණ වෙනවා. දැන් මගේ ලෝකේ මං දන්නා පිරිස බොහොම වැඩි. ඔහොම ඉද්දි කවමදාවත් හිතපු නැති නගර වලින්, හිතපු නැති රටවල් වලින් මට යාලුවෝ හම්බෙනවා. ඒ face book , twiiter , blogspot අරවයින් මේවයින්. ලෝකේ සැහෙන්න සංකිරනයි. විශ්ව විද්‍යාලේ උප සංස්කෘතියක් ඇතුලේ හැදෙන මං එකෙන් එළියට එන්නේ උපාධිධාරී කියන විශේශිකරන පදේකුත් හදාගෙන. හැමදේම ගගක් වගේ ගලන් ගියපු මගේ ලෝකෙට එක පරම වැටෙනවා ලොකු බාදකයක්. ඒ තම රැකියාව. අම්මා අයන්න උගන්නල පාසලට දැම්ම. සාමාන්‍ය පෙළ, උසස් පෙළ කරලා යනවා විශ්ව විද්‍යාලයට. එත් වගකීමක් හිත අහලකවත් නැති මට එක පරම වගකීමක් පැවෙරෙනවා . ඒ තම දැන් ඉතින් රැකියාවක් කරලා හම්බ කරන්න ඕනේ. රජයේ රැකියා කොහොමත් එපා කියන මම පෞද්ගලික ආයතනයක සාමාන්‍ය හොද රැකියාවකට යනවා. මගේ සරල සුකොමල ලෝකෙට එක පරම වගකීම් කියල දෙයක් එනවා. දැන් සරල කියන වචනෙත් නෑ. ඔහොම ඉද්දි මගේ තියෙන හැකියාවත් එක්ක මං රැකියාවේ හොද තැනක් ලබා ගන්නවා. 
කෙල්ලෝ හතර පස් දෙනෙක් එක්ක යාලු වෙලා රවුම් ගහපු මට කසාදයක් කරගන්න ඕන කියල හිතෙනවා. මෙච්චර කල් එකතු කරපු හැම සේසතම වියදම් කරලා කසාදෙත් කරනවා. දැන් වගකීම් පිරිච්ච ලෝකයක්. වෙනදට වඩා මහන්සි වෙලා වැඩ කරනවා. බිරිදත් එක්ක සතුටින් කල් ගෙවනවා. දවසක් බිරිදගේ බඩෙන් පොඩි පා පහරක් මට වදිනවා. ඒ තම මගේ ලෝකේ උරුමක් කරය. අපේ තාත්ත එදා මං ඉපදුනාම ලබන සතුට අද මං ලබනවා. ඔහොම ඉද්දි මගේ ලෝකේ සල්ලි හොදට එන හොද කාලයක් වෙනවා. ගෙවල් දොරවල් හදාගෙන, කාර් බර අරන් ලස්සනට සංකිර්ණව ගලන යනවා. කොලු පොඩ්ඩා ලොකු වෙද්දී කෙලි පොඩ්ඩකුත් මගේ ලෝකෙට එනවා. වෙනදට වඩා සැහෙන්න මහන්සි වෙන්න වෙනවා. 
ලොකුම ලොකු වගකීම් ලෝකයක්. දවසක් මගේ ලෝකේ ගොඩ නගපු මගේ තාත්තා නැති උනා කියන ආරංචිය මට එනවා. ඇස් දෙක වැහුවම තාත්තගේ ඒ උණුසුම තවමත් දැනෙනවා . එදා මං අඩනවා. එත් ලෝක සත්‍යට අපි මුණ දෙන්න ඕනනේ. වැඩි දවසක් යන්න කලින් මාව මේ ලෝකෙට ගෙනාපු අම්මත් තාත්තගේ ලෝකෙට යනවා. ඒ ඒ දෙන්න පතා ගෙන අපු ලෝකේ. 
දැන් මගේ ලෝකේ මහම මහා විකාරයක්. ළමයි ලොකු වෙනවා. උන්ට කන්න බොන්න උගන්නන්න සල්ලි ඕනේ වෙනදට වඩ ගොඩක් මහනසිවෙනවා. facebook , twiiter කියන දේවල මගේ ලෝකෙන් හැලිලා යනවා. මගේ ලෝකේ ඒ යාලුවෝ මට නැතිවෙනවා. . දවසක මගේ ලොකු ළමය කියනවා තාත්තේ මං විශ්ව විද්‍යාලයට තේරුණා කියල. මං එදා ලබපු සතුට ඒ කොල්ල අද ලබනවා. අපේ තාත්තගේ හිතේ එදා මං එහෙම කියද්දී ඇති උන ආඩම්බරය අද මං ලබනවා. මේ වෙනකොට රැකියාවේ උපරිම තැනකට මං ඇවිල්ල. ලොකු ගෙයක්, වාහන ඕන තරම්. කෙල්ලට හොදම හොද තැනකින් යෝජනාවක් එන්නේ ඔය අතරේ. ඉති කෙල්ලගේත් කැමැත්ත පිට ඒක කරලා දෙනවා. අවුරුදු ගානක් මගේ තුරුලේ ඉදපු කෙල්ල මාව දාල යනවා එදා. මගේ ලෝකේ වගකීම් මටත් නොදනිම අඩු වෙනවා. කොල්ලටත් හොද රැකියාවක් හම්බවෙනවා . 
ඉතින් ඔහොම ඉද්දි වෙනද නැති ඇගේ අමාරු මට එනවා. කොන්ද රිදෙනවා. අග රිදෙනවා. අන්තිමට body checkup එකක් කරනවා. එතකොට හොයාගන්නවා මට දියවඩියවා කියල. ඉතින් හැම දේම කපු බීපු මට කෑම සීමාවක් වැටෙනවා. දැන් මගේ ලෝකේ වගකීම් ඇත්තෙම න. හොද වගකීම් ඉටු කරපු මනුස්සයෙක් විදියට මං ඇස් වහල හොද හුස්මක් අරන් මගේ රැකියාවට ආයුබෝවන් කියනවා. මං විශ්‍රාම දිවියට යනවා. තියෙන සල්ලි මටත් මගේ නෝනටත් හොදටම ඇති. සංකීර්ණ ලෝකේ ආයි සරල වෙනවා. වගකීමක් ඇත්තෙම නෑ. මං නෝනත් එක්ක ගෙදර සතුටු ජිවිතයක් ගත කරනවා. 
දවසක් මන් උදේ එහෙරිලා බලද්දී. . . . . . . . . . . . . . . . . වෙනද උදෙන්ම එහෙරෙන මගේ නෝනා හොදටම නිදි. බැදපු දවසේ වගේම ලස්සනට එය ඉන්නවා. එත් හොදටම සිතල වෙලා. විශ්වාස කරන්න පුලුවන්ද අවරුදු හතළිහක් එකට ඉදපු, ඔබ වැඩියෙන්ම ආදරය කරපු ඔබේ බිරිද ඔබව දාල යයි කියල. ඔව් මගේ නෝනා මාව සදහටම දාල යනවා. මට කන්න හිතෙන්නේ නෑ. මගේ ලෝකෙම මට නැති වෙනවා වගේ දැනෙනවා . මං ගෙදර තනි වෙනවා. 
ඔහොම දවස්යද්දී. . . එක දවසක් උදේ මං එහෙරිලා නැගිටින්න හදද්දී. . . මගේ කකුල් පන නැති වෙනවා. මගේ පුතා ඇවිත් මාව දොස්තර කෙනෙක් ගාවට එක්කම් ගියාම දොස්තර තීරණය කරනවා මන් අන්සබග රෝගියෙක් කියල. කදුළු පිරිච්ච්චා මගේ ඇස් වලින් මං මගේ ලෝකේ ආපස්සට ගිය. දැන් ලෝකේ හරිම සරලයි. එදා අම්මගේ තාත්තගේ උණුසුම සැලකිල්ලට අද පුතාගේ දුවගේ උණුසුම සැලකිල්ල. . . . එදා කිරි විතරක් බීපු මට අද කැද. . . . හරිම සරලයි. . . එදා වගේම අදත් ඇවිදින්න බැරුව ඇදට වෙලා බලන් ඉන්නවා මං ජීවිතය දිහා. . . 
දවසක් මං එහෙරෙද්දී. . . . මගේ නෝනා මගේ ලග. . . . අම්මයි තාත්තයි මන් දිහා බලන් ඉන්නවා. . . අම්ම පොඩි කලේ වගේ මාව වඩ ගත්ත. . . . වඩාගෙන මාව අහස උඩට එක්කරගෙන ගිය. . . . . ඒ අතරේ මගේ දුවයි පුතයි මගේ ඇද වටේ ඉදන් මගේ සිරුර අල්ලන් අඩනවා දැක්ක. . . . . . . . ඉතින්. . . . අවරුදු හැත්තෑ නවයක් මාත් එක්ක ඉදපු ඒ සිරුරට අත වනල මං අහසට අම්මගෙයි තාත්තගෙයි, අයියගෙයි මල්ලිගෙයි නොනැගෙයි අතින් අල්ලන් පියබල ගිය. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .




ප/ලි-:
මෙය කඋරුන් විසින් තුල පල කර ඇද්ද යන්න නොදනිමි.කඋරුන් විසින් හෝ පල කර ඇත් නම් සමව ඉල්ලමි .මෙය මට email මගින්  ලැබුන බැවින් මෙහි සම්පුරනම පැසසුම ඔහුට හිමි විය යුතුය.

Friday, July 1, 2011

Samsung Q1


මගේ samsung q1 tablet pc තියනවා.මට android tablet එකක් ගන්න හේතුන නිසා විකුනන්න හේතුන.මොකද මට android tablet එක ගත්තම මේක මට වැඩක් නැති නිසා.මේකට කැමති කෙනෙක් ඉන්නවනම් මේ no එකට මට call එකක් දෙන්න(0758100251-Rukshan).මෙන්න මේකේ තියන specifications ටික.

Samsung Q1

  • Intel Celeron M ULV (Ultra Low Voltage) 353 running at 900 MHz
  • 40GB 1.8" Hard Drive
  • 512MB DDR2 533
  • Max memory 2GB DDR2 533
  • Mobile Intel 915GMS Express Chipset
  • 7 inch WVGA (800×480) touch screen (using finger or stylus) with software downscaling 1024*600
  • VGA port
  • Weighs 0.78 kg
  • 3-cell battery (up to 3 hours) or 6-cell battery (up to 6 hours)
  • WLAN 802.11b/g
  • LAN port 100 mbit
  • CompactFlash port Type II
  • Stereo speakers
  • Array mics
  • AVS mode using Windows XP embedded
  • Bluetooth enabled
  • Digital Multimedia Broadcasting
  • 2 USB ports

The Q1 is one of the first ultra-mobile computers (UMPC) produced under Microsoft's "Origami" project. The Q1 can boot into two different modes: typical Windows XP (OS can be replaced), and AVS mode running Windows XP Embedded. AVS mode runs in a separate partition and boots directly to a music, photo, and video player with no Windows Explorer interface. The AVS feature is unique

to the Q1.

මේක ගැන wikipedia කියන විදිය.මෙන්න මේ ලින්ක් එකෙන් මේකේ samsung PDF 1k download කර ගන්න වගේම තව ගොඩක් විස්තර ගන්න පුළුවන්.

Thursday, June 30, 2011

කොහොමද iPhone එකේ SMS Backup කර ගන්නේ

ගොඩ කලකින් blog එක ලියන්න ඕන කියල හිතුන.මොකද මම පහුගිය කාලෙම මගේ iphone එකේ තිබුන SMS ටික backup කර ගන්න පුදුම දුකක් වින්ද.මම TechKatha එකටත් දැම්ම.කියන්නම ඕන ඕන දයක් තිබුනොත් TechKatha දාන්න ඔයාලට ගොඩක් හොද උත්තරයක් හොයා ගන්න පුළුවන්.මටත් ගොඩක් help කලා.එත් ඒවා හරි ගියේ නම් නැ.ගොඩක් softwere trial version තිබුනේ .ඔහොම ඉන්න කොට මම hard disk එකේ film එකක් හොයනකොට මට හම්බ උන මම කලින් download කරල තිබුන softwere එකක්.එත් එක වැඩ කලේ නැ .පස්සේ google වල search කලා.හොයා ගත්ත.iphone pc suite බඩු ගින්දර වගේ වැඩ.මේක දෙන්නේ ලෝකේ තියන හොදම මිලට නොහොත් free.ගොඩක් හොද softwere එකක් තමා.itunes වලට වඩා ගොඩක් වඩා කරන්න පුළුවන්.iphon පාවිච්චි කරන අය ලග තියන්න ඕනම softwere 1k කියන්න පුළුවන්.මෙන්න ලින්ක් එක.http://www.softpedia.com/progDownload/iPhone-PC-Suite-Download-102197.html.download කරල බලන්න ගොඩක් වටිනවා.ගොඩක් වැඩ කර ගන්න පුළුවන්.මට help කරපු දෙන්නටම ගොඩක් thankx.
ප/ලි:මේක නම් තියන්නේ japanese වලින්.එත් ගොඩක් ලෙසියන් මේක english පුළුවන්.තව මේකන් USB වලින් හරි WI-FI connect කර ගන්න පුළුවන්.තව ගොඩක් වැඩ ගන්න පුළුවන්.පොඩ්ඩක් හොයල බලන්න.මේක ගොඩක් වටිනවා.

Thursday, April 15, 2010

Apple iPhone භාවිතා කරන්නන්ට සුභ ආරංචියක්...


අද මම උදේ iPhone එකට Applications Download කරගන්න හිතල App Store පැත්තෙ කරක් ගහනකොට මෙන්න බොලේ මම මෙතෙක් කල් බලාන හිටපු "Opera Mini 5" Apple iPhone එකට Release කරල.පටාර් ගාල Download කරල බැලුව.ගින්දර වගේ වැඩ.මට මාර සතුටුයි.මෙකද මෙච්චර කාලයකට Apple iPhone එකේ තිබුනෙ ඔවුන්ගෙම Web browser යවූ Safari ය.
වැඩි විස්තර සදහා පහත සැබදිය භාවිතා කරන්න.
http://www.opera.com/mobile/

Tuesday, April 13, 2010

සුභ සිංහල දෙමළ අලුත් අවුරුද්දක් වේවා...


ලැබුවා වූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද ලෝවැසි සැමට සාමය සතුට ඉතිරෙන සුභම සුභ අවුරුද්ද කට ආසිරි.(ජෙනරල් තුමනි ඔබවද අපට අමතක වී නැත.ඔබව නිරපරාදේ හිරකර තැබුවද සත්‍ය කිසි දිනක හිර කල නොහැක.අලුත් අවුරුද්දේ අවුරුදු පැතුම් අතර මගේ පැතුම ඔබ තුමාව අද හෙටම සියලු ම දෙයින් නිදොස් කොට නිදහස් කරන ලෙසය.)

Monday, March 22, 2010

මෙන්න අවශ්‍ය වන මෘදුකාංගයක්...



මේකෙන් අපේ පරිගණකයේ Screen Record කර ගත හැක.මෙය බොහෝවිට වැදගත් වන්නේ අපට youtub වලට හෝ යම්කිසි දෙයක් යමෙකුට පැහැදිලි කරදීමට වැදගත් මෘදුකාංගයකි.මෙය පහත Link එක මගින් Download කරගත හැක.
http://www.screen-capture-record.com/

Thursday, March 11, 2010

ගැජට්ස් ගැන අප නොදත් සහ අප දැන ගත යුතුම කතාවක්...









ඇමරිකාවේ වෙළඳ පොළ සමීක්ෂණ ආයතනයක් වන iSuppli විසින් පසුගියදා ලොව ජනප්‍රිය ඉලෙක්ට්‍රොනික් උපංග(ජනප්‍රිය)කිහිපයක වෙළඳ පොළ මිලහා එම උපාංග සදහා එකී සමාගම් වැය කෙරූ මුදලද මෙම සමීක්ෂණය තුලින් එළියට පැමිණ ඇත.

1.Apple iPad
දිනය.
2010 මාර්තු(Wi-Fi Models),2010 අප්‍රේල්(3G Models).
සිල්ලර මිල.
$499 සිට ආරම්භවේ.
උපාංග සදහා වැය කර ඇති මුදල.
$219.35 සිට $334.95 දක්වා.

2.Google Nexus One
දිනය.
2010 ජනවාරි 05
සිල්ලර මිල.
$179 ආරම්භවේ
උපාංග සදහා වැය කර ඇති මුදල.
$174

ඇමරිකාවේ T-Mobile සමාගමේ වසර 02 ගිවිසුමට යටත්ව $179 කටද නොමැතිව(ගිවිසුම)$529 අලවි කරයි.

3.Motorola Droid
දිනය.
2010 නොවැම්බර් 06
සිල්ලර මිල.
$199 ආරම්භවේ
උපාංග සදහා වැය කර ඇති මුදල.
$185

ඇමරිකාවේ Verizon Wireless සමාගමේ වසර 02 ගිවිසුමට යටත්ව $199 කටද නොමැතිව(ගිවිසුම)$59 අලවි කරයි.
4.Apple iPhone 3GS
දිනය.
2009 ජුනි 19
සිල්ලර මිල.
$199 ආරම්භවේ
උපාංග සදහා වැය කර ඇති මුදල.
$179.16
iPhon 3G නිෂ්පාදනයේදී iPhone 2G නිෂ්පාදනය කල මුදලින් $53 ක් අඩු කර ගැනීමට Apple සමාගම සමත් උවද iPhone 3GS මාදිලි යේදී $5 පමන වැඩිවී ඇත.මෙයට හේතුව Flash මතකයේ මිල එතරම් විශාල ලෙස අඩු නොවීම,ස්වයංක්‍රීය නාභිගත කිරීමක් සහිත(Auto-Focus)3-Megapixel කැමරාවක් සහිතව හා Samsung ක්‍රමලේඛන චිපය $1 වැඩිවීමයි.

5.Palm Pre
දිනය.
2009 ජුනි 06
සිල්ලර මිල.
$200 ආරම්භවේ
උපාංග සදහා වැය කර ඇති මුදල.
$137.83
Web OS නැමති නවතම මෙහෙයුම් පද්ධතියකින් ක්‍රියාත්මකවේ.මෙහි තිරය සදහා පමනක් $39.51 ක් වැයකර ඇත.එය සමස්ත දෘඩාංග සදහා වන වියදමින් 1/4 ක අගය ඉක්මවා යන්නකි.8GB Flash මතකයේ මිල $15.96 ද රැහැන් රහිත මොඩියුලයට $15.41 ද3-Megapixel කැමරාව වෙනුවෙන් $12.39 ක වියදමක් දරා ඇත.

6.Amazon Kindle 2
දිනය.
2009 පෙබරවාරි 09
සිල්ලර මිල.
$359
උපාංග සදහා වැය කර ඇති මුදල.
$185.49
$60 E Ink Corp.නිෂ්පාදිත තිරයටද,Novatel Wireless සමාගමේ රැහැන් රහිත මොඩියුලයට$39.50 ද Freescale Semiconductor සමාගමේ ක්‍රමලේඛන චිපය සදහා $8.64 ද Samsung මෙමරි චිපය සදහා $6.10 ද බාහිර ආවරණයට $4.45 ද බැටරි පද්ධතියට $7.50 වියදමක් සමාගම දරා තිබේ.

7.Apple iPod Shuffle
දිනය.
2009 මාර්තු 11
සිල්ලර මිල.
$49(4GB)ආරම්භවේ
උපාංග සදහා වැය කර ඇති මුදල.
$21.77
Samsung Flash මතකයට $6 ද Samsung චිපයක් යොදමින් සංගීතය හැසිර වීම හා පාලන ඒකකයට $5.98 ද බැටරිය සදහා $1.55 තවද හෙඩ්ෆෝනය සදහා $1.20 දරා ඇත.

8.Research in Motion BlackBerry Storm
දිනය.
2008 නොවැම්බර් 21
සිල්ලර මිල.
$249ආරම්භවේ
උපාංග සදහා වැය කර ඇති මුදල.
$202.89
Qualcomm සමාගමේ Wireless චිපයට $35 වියදම් කර ඇත.

9.Research in Motion BlackBerry Bold
දිනය.
2008 ඔක්තෝබර්
සිල්ලර මිල.
$300 ආරම්භවේ
උපාංග සදහා වැය කර ඇති මුදල.
$169.41
AT&T සමාගම හරහා මෙය $300 මිල නියම කර ඇත.

10.Apple iPhone 3G
දිනය.
2008 ජූලි 11
සිල්ලර මිල.
$199 ආරම්භවේ
උපාංග සදහා වැය කර ඇති මුදල.
$174.33
මුල්ම iPhone යට $227 වැය කර ඇත.