Monday, January 11, 2010

අපේ මිනිසා දිනවීමට අප සැම අවදි වෙමු.


ජෙනරල් සරත් ෆොන්සේකා නොහොත් සංවේදී මිනිසා ගේ ජය වෙනුවෙන් අප සැම එකතු වීමේ අවශ්‍ය තාව වෙනදාට වඩා අද අප රටට දැනී ඇත.මන්ද අද රටට පිළිලයක් වී ඇති හොරකම,වංචාව,දූෂණය,නාස්තිය හා ලොවම මවිත කල විශාල ඇමති මණ්ඩලය,පවුල් පාලනය, සුදු වෑන් භීතිය අද මුලු රටම වෙලා ගන ඇති යුගයක රටකට අවශ්‍ය මෙවැනි නිගන්ට වැඩ වලට තිත තැබිය හැකි හොඳ විනයක් ඇති සංවේදී මිනිසෙකු මිස රජෙකු රටට අවශ්‍ය නැත.ලොව මවිත කල ඇමති මණ්ඩලයක් සිටීමෙන් රටේ මහජන තාවට මෙතෙක් අත්වූ දෙයක් නැත(බොරු කයිවාරුව හැර).තවද මහින්ද චින්තනයේ පොරොන්දු 99% පමන රටට ඉටු නොකර මහින්ද චින්තනය ඉදිරි දැක්ම කුමටද?අප බුද්ධියෙන් කටයුතු කර අක්‍රමවත් රජ ගෙදර යවා රටේ සුක්කානම හොර බොරු නැති සැබෑම සංවේදී නායකයාට භාර දෙමුද?ජෙනරාල් තුමනි ඔබේ ජීවිතය රට වෙනුවෙන් නොවන්නේද?

6 comments:

  1. රයිට් බලමු මොකද වෙන්නෙ කියල මල්ලි....

    ReplyDelete
  2. "මෙවැනි නිගන්ට වැඩ වලට තිත තැබිය හැකි හොඳ විනයක් ඇති සංවේදී මිනිසෙකු මිස රජෙකු රටට අවශ්‍ය නැත."

    - විනය ගැන මෙන්ම සංවේදී කම ගැන අහන්න හමුදාවේ මෙයා යටතේ වැඩ කරපු කෙනෙකුගෙන්. ඔය දැන් හිනා වුනාට මනුස්සයෙකුට හිනා වෙලා කතා කරපු කෙනෙක් නෙමේ මෙය. ඔබතුමාගේ ඡන්ද අයිතියට නිගා කරනවා නෙවේ, පස්සේ හරි දුන්න ඡන්දය ගැන දුක හිතුනොත් මම කියපු දේ ගැනත් හිතන්න

    ReplyDelete
  3. Are you mad are we mad?

    http://lankanthoughts.blogspot.com

    ReplyDelete
  4. ඔව් ඇත්ත කියන්න බය වෙන්න ඕන නෑ
    ඇත්ත දැනගන්න මේ ලින්ක් වලට යන්න
    Link 1
    Link 2
    Link 3
    Link 4
    Link 5
    Link 6
    Link 7

    ReplyDelete
  5. අනේ ඇත්තට අපේ රටේ සිංහල මිනිසුන් ගැන LTTE ත්‍රස්ත නායකයා කියු දෙය ඔබ සියලු දෙනාම පාහේ හැබෑවක් කිරීම ගැන මා කම්පා වෙමි.මාස 03 කින් සිංහලයාට සියල්ල අමතක වේ.

    - විනය ගැන මෙන්ම සංවේදී කම ගැන අහන්න හමුදාවේ මෙයා යටතේ වැඩ කරපු කෙනෙකුගෙන්. ඔය දැන් හිනා වුනාට මනුස්සයෙකුට හිනා වෙලා කතා කරපු කෙනෙක් නෙමේ මෙය. ඔබතුමාගේ ඡන්ද අයිතියට නිගා කරනවා නෙවේ, පස්සේ හරි දුන්න ඡන්දය ගැන දුක හිතුනොත් මම කියපු දේ ගැනත් හිතන්න

    මම කවදාවත් දුන්න ඡන්දය ගැන දුක් වන්නේද නැත මන්ද මම අප රටට සේවය කරන රට වෙනුවෙන් කැපකිරීම් කල හැකි නායකයෙකු පත්කිරීමට උරදීමට හැකි වීම ගැන ආඩම්බර වන නිසා වෙනි.
    නැතිව තම පවුල වෙනුවෙන් පමනක් කැපකිරීම් කරන නායකයෙකු අප රටට අවශ්‍ය නොවන බැවිනි.

    රයිට් බලමු මොකද වෙන්නෙ කියල මල්ලි....
    වෙන්නේ හොරකම,දූෂණය,වංචාව හා පවුල් පාලනයෙන් තොර සැබෑම සංවේදී නායකයාගේ ජයග්‍රහනය නේද?

    ඔය දැන් හිනා වුනාට මනුස්සයෙකුට හිනා වෙලා කතා කරපු කෙනෙක් නෙමේ මෙය.

    හමුදා නීතිය හා සිවිල් නීතිය පටලවා නොගන්න.


    කරුණාකර රූපවාහිනී හා ITN නොබලා ස්වර්ණවාහිනී වැනි වැදගත් නාලිකාවක් බැලුවොත් ඔබටද ඇත්ත නැත්ත තේරුම් ගත හැක.

    ReplyDelete
  6. ආසියාතික සිහිනයෙන් අප අවදි වන තෙක් මේ බේදවාචකයෙන් ගැලවීමක් නම් නැත්තේම ය. වංචාවෙන් දූෂණයෙන් 100% ක් තොර ආණ්ඩු ආසියාවේ නම් (විශේෂයෙන් දකුණු ආසියාවේ) බලාපොරොත්තු වීම මෝඩකමක්.

    අපිට ආවේණික සංස්කෘතික හීනයක් අපට තියෙනවා.

    මතක් කරන්න ‍‍"දියසේන" කුමාර‍යාගේ කතාව. අපි හිතාගෙන ඉන්නවා ඒ වගේ එකෙක් ඇවිත් අපේ හැම ප්ර්ශ්නයක් ම විසඳලා කවුරුවත් නොදීපු ආතල් එකක් අපිට දෙයි දවසක කියලා.

    මේ දියසේන කුමාරයා මාර චරිතයක්. මේ ලෝකේ මිනිහෙකුට තියෙන්න පුලුවන් හැම හොඳ ගතිගුණයක් ම මිනිහට තියෙනවා. හරී ම ෂෝක්. කරුණාවන්තයි, ආදරෙයි, අපේ දුක ගැන අනුකම්පා සහගතයි, ‍නියම පෞරුෂයකින් හෙබියි, මාර ලස්සනයි...

    මෙන්න මේ වගේ අටෝරාසියක් ගතිගුණ මිනිහට තියෙනවා.

    අපිට අපේ දේශපාලන නායකත්වය ගැන තියෙන්නෙත් මේ වගේ හැඟීමක්.

    ඒක නිසා තමයි අපි දේශපාලනයේ ඇට්ටකුණා ‍වුණු චරිත වලට වඩා අපි මෙලෝ හසරක් නොදන්න එකෙකුට කැමති වෙන්නේ.

    ඌ ගැන අපි නරකක් කියන්න දන්නේ නැති නිසා තමයි අපිට හිතෙන්නේ මේකා හරිම ෂෝක් කියලා.

    අපිට සිරිමා පෙණුනේ එහෙම, චන්ද්රි කා පෙණුනෙත් එහෙම, දැන් සරත් ෆොන්සේකා පේන්නෙත් එහෙම.

    මේ හීනය බිඳ වැටෙන්න වැඩි දවසක් යන්නේ නෑ.

    එහෙම නොවෙන්න ප්‍රාර්ථනා කරමු.

    ඔබට ප්‍රඥාව පහළ වේවා.

    ReplyDelete