Thursday, June 30, 2011
කොහොමද iPhone එකේ SMS Backup කර ගන්නේ
ගොඩ කලකින් blog එක ලියන්න ඕන කියල හිතුන.මොකද මම පහුගිය කාලෙම මගේ iphone එකේ තිබුන SMS ටික backup කර ගන්න පුදුම දුකක් වින්ද.මම TechKatha එකටත් දැම්ම.කියන්නම ඕන ඕන දයක් තිබුනොත් TechKatha දාන්න ඔයාලට ගොඩක් හොද උත්තරයක් හොයා ගන්න පුළුවන්.මටත් ගොඩක් help කලා.එත් ඒවා හරි ගියේ නම් නැ.ගොඩක් softwere trial version තිබුනේ .ඔහොම ඉන්න කොට මම hard disk එකේ film එකක් හොයනකොට මට හම්බ උන මම කලින් download කරල තිබුන softwere එකක්.එත් එක වැඩ කලේ නැ .පස්සේ google වල search කලා.හොයා ගත්ත.iphone pc suite බඩු ගින්දර වගේ වැඩ.මේක දෙන්නේ ලෝකේ තියන හොදම මිලට නොහොත් free.ගොඩක් හොද softwere එකක් තමා.itunes වලට වඩා ගොඩක් වඩා කරන්න පුළුවන්.iphon පාවිච්චි කරන අය ලග තියන්න ඕනම softwere 1k කියන්න පුළුවන්.මෙන්න ලින්ක් එක.http://www.softpedia.com/progDownload/iPhone-PC-Suite-Download-102197.html.download කරල බලන්න ගොඩක් වටිනවා.ගොඩක් වැඩ කර ගන්න පුළුවන්.මට help කරපු දෙන්නටම ගොඩක් thankx.ප/ලි:මේක නම් තියන්නේ japanese වලින්.එත් ගොඩක් ලෙසියන් මේක english පුළුවන්.තව මේකන් USB වලින් හරි WI-FI connect කර ගන්න පුළුවන්.තව ගොඩක් වැඩ ගන්න පුළුවන්.පොඩ්ඩක් හොයල බලන්න.මේක ගොඩක් වටිනවා.
Thursday, April 15, 2010
Apple iPhone භාවිතා කරන්නන්ට සුභ ආරංචියක්...

අද මම උදේ iPhone එකට Applications Download කරගන්න හිතල App Store පැත්තෙ කරක් ගහනකොට මෙන්න බොලේ මම මෙතෙක් කල් බලාන හිටපු "Opera Mini 5" Apple iPhone එකට Release කරල.පටාර් ගාල Download කරල බැලුව.ගින්දර වගේ වැඩ.මට මාර සතුටුයි.මෙකද මෙච්චර කාලයකට Apple iPhone එකේ තිබුනෙ ඔවුන්ගෙම Web browser යවූ Safari ය.
වැඩි විස්තර සදහා පහත සැබදිය භාවිතා කරන්න.
http://www.opera.com/mobile/
Tuesday, April 13, 2010
සුභ සිංහල දෙමළ අලුත් අවුරුද්දක් වේවා...
Monday, March 22, 2010
මෙන්න අවශ්‍ය වන මෘදුකාංගයක්...
Thursday, March 11, 2010
ගැජට්ස් ගැන අප නොදත් සහ අප දැන ගත යුතුම කතාවක්...

ඇමරිකාවේ වෙළඳ පොළ සමීක්ෂණ ආයතනයක් වන iSuppli විසින් පසුගියදා ලොව ජනප්‍රිය ඉලෙක්ට්‍රොනික් උපංග(ජනප්‍රිය)කිහිපයක වෙළඳ පොළ මිලහා එම උපාංග සදහා එකී සමාගම් වැය කෙරූ මුදලද මෙම සමීක්ෂණය තුලින් එළියට පැමිණ ඇත.
1.Apple iPad
දිනය.
2010 මාර්තු(Wi-Fi Models),2010 අප්‍රේල්(3G Models).
සිල්ලර මිල.
$499 සිට ආරම්භවේ.
උපාංග සදහා වැය කර ඇති මුදල.
$219.35 සිට $334.95 දක්වා.
2.Google Nexus Oneදිනය.
2010 ජනවාරි 05
සිල්ලර මිල.
$179 ආරම්භවේ
උපාංග සදහා වැය කර ඇති මුදල.
$174
ඇමරිකාවේ T-Mobile සමාගමේ වසර 02 ගිවිසුමට යටත්ව $179 කටද නොමැතිව(ගිවිසුම)$529 අලවි කරයි.
3.Motorola Droidදිනය.
2010 නොවැම්බර් 06
සිල්ලර මිල.
$199 ආරම්භවේ
උපාංග සදහා වැය කර ඇති මුදල.
$185
ඇමරිකාවේ Verizon Wireless සමාගමේ වසර 02 ගිවිසුමට යටත්ව $199 කටද නොමැතිව(ගිවිසුම)$59 අලවි කරයි.
4.Apple iPhone 3GSදිනය.
2009 ජුනි 19
සිල්ලර මිල.
$199 ආරම්භවේ
උපාංග සදහා වැය කර ඇති මුදල.
$179.16
iPhon 3G නිෂ්පාදනයේදී iPhone 2G නිෂ්පාදනය කල මුදලින් $53 ක් අඩු කර ගැනීමට Apple සමාගම සමත් උවද iPhone 3GS මාදිලි යේදී $5 පමන වැඩිවී ඇත.මෙයට හේතුව Flash මතකයේ මිල එතරම් විශාල ලෙස අඩු නොවීම,ස්වයංක්‍රීය නාභිගත කිරීමක් සහිත(Auto-Focus)3-Megapixel කැමරාවක් සහිතව හා Samsung ක්‍රමලේඛන චිපය $1 වැඩිවීමයි.
5.Palm Preදිනය.
2009 ජුනි 06
සිල්ලර මිල.
$200 ආරම්භවේ
උපාංග සදහා වැය කර ඇති මුදල.
$137.83
Web OS නැමති නවතම මෙහෙයුම් පද්ධතියකින් ක්‍රියාත්මකවේ.මෙහි තිරය සදහා පමනක් $39.51 ක් වැයකර ඇත.එය සමස්ත දෘඩාංග සදහා වන වියදමින් 1/4 ක අගය ඉක්මවා යන්නකි.8GB Flash මතකයේ මිල $15.96 ද රැහැන් රහිත මොඩියුලයට $15.41 ද3-Megapixel කැමරාව වෙනුවෙන් $12.39 ක වියදමක් දරා ඇත.
6.Amazon Kindle 2දිනය.
2009 පෙබරවාරි 09
සිල්ලර මිල.
$359
උපාංග සදහා වැය කර ඇති මුදල.
$185.49
$60 E Ink Corp.නිෂ්පාදිත තිරයටද,Novatel Wireless සමාගමේ රැහැන් රහිත මොඩියුලයට$39.50 ද Freescale Semiconductor සමාගමේ ක්‍රමලේඛන චිපය සදහා $8.64 ද Samsung මෙමරි චිපය සදහා $6.10 ද බාහිර ආවරණයට $4.45 ද බැටරි පද්ධතියට $7.50 වියදමක් සමාගම දරා තිබේ.
7.Apple iPod Shuffleදිනය.
2009 මාර්තු 11
සිල්ලර මිල.
$49(4GB)ආරම්භවේ
උපාංග සදහා වැය කර ඇති මුදල.
$21.77
Samsung Flash මතකයට $6 ද Samsung චිපයක් යොදමින් සංගීතය හැසිර වීම හා පාලන ඒකකයට $5.98 ද බැටරිය සදහා $1.55 තවද හෙඩ්ෆෝනය සදහා $1.20 දරා ඇත.
8.Research in Motion BlackBerry Stormදිනය.
2008 නොවැම්බර් 21
සිල්ලර මිල.
$249ආරම්භවේ
උපාංග සදහා වැය කර ඇති මුදල.
$202.89
Qualcomm සමාගමේ Wireless චිපයට $35 වියදම් කර ඇත.
9.Research in Motion BlackBerry Boldදිනය.
2008 ඔක්තෝබර්
සිල්ලර මිල.
$300 ආරම්භවේ
උපාංග සදහා වැය කර ඇති මුදල.
$169.41
AT&T සමාගම හරහා මෙය $300 මිල නියම කර ඇත.
10.Apple iPhone 3Gදිනය.
2008 ජූලි 11
සිල්ලර මිල.
$199 ආරම්භවේ
උපාංග සදහා වැය කර ඇති මුදල.
$174.33
මුල්ම iPhone යට $227 වැය කර ඇත.
දැනට ඇති අන්තර්ජාලය මෙන් 100 වේගවත් ජාලයක් බිහිකරයි...

හුග කාලෙකින් මොකුත් ලියන්නත් බැරි උනානෙ.හැබැයි මේක බැලුවාම කට්ටියට පිස්සු හැදිල ආය හැදෙනව.වැඞි කතා ඕන නෑ කෙලින්ම මාතෘකාවට බහිමු.
මේකයි විස්තරය.අන්තර්ජාලයේ මහ ගෙදර වන Google නමින් ඇමරිකාවේ කැන්සාස් නගරය තාවකාලිකව නම් කිරීමට ටොපේකා නගරයේ ආණ්ඩුකාරවරයා වන විලියම් බුන්ටෙන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ මාර්තු මාසය සදහා පමණක් "ටොපේකා" නගරය "Google-Kansas"ලෙස වෙනස් කරන බවයි.මෙයට හේතුව ලෙස සදහන් කරන්නේ එය ලොව පලමු නවින ෆයිබර් ඔප්ටික්ස් නගරය ලෙස ඉතිහාස ගත වන බැවිනි.තවද සංචාරකයිනට විශේෂ ඇරයුමක්ද කර ඇත.
Google සමාගම විශේෂ නිවේදනයකින් පවසා ඇත්තේ තම සමාගම පරීක්ෂෂණ මට්ටමින් සුපිරි වේගයකින් යුත් Broadband Internet ජාලයක්(පුඑල්පරාස අන්තර්ජාල සේවාවක්)ක්‍රියාත්මක කරන බවය.එය දැන් තිබෙන අන්තර්ජාලයට වඩා 100 ගුණයකින් වේගවත් යැයි Google වැඩි දුරටත් පවසා ඇත.පරීක්ෂණ මට්ටමින් ක්‍රියා කරණ මෙම ජාලයට අනුව තත්ත්පරයට ගිගාබයිට් එකක දත්ත හුවමාරුවක් කිරීමට ඔවුන් බලා පොරොත්තු වෙයි.
කොහොමද වැඩේ... අපේ රටට මෙවැනි වේගයක් ලබාදීමට තවකල්ප කාලයක් යනු ඇත.
Thursday, February 18, 2010
තවත් බලා සිටිය නොහැකි තැන...



මේ දවස් වල Facebook වල සිංහල ජනතාව LTTE ත්‍රස්තවාදීන් යැයි හන්වඩු ගසමින් විවිධාකාරයේ ජායාරූප දමමින් විකාර අදහස් මිනිසුන්ගේ ඔලුවලට දැමීමට තරම් දෝශප්‍රේමීන් සැහැසි වී ඇත.අපේ රට බේරා දුන් විරුවා අද LTTE ත්‍රස්තයෙකි.අද ජෙනරාල් ෆොන්සේකා මහතා නොව අප සැම සහ ප්‍රජාතන්ත්‍රවාදයි මෙසේ සිරකර ඇත්තේ.එතෙර සිංහල(සැබෑම දෝශප්‍රේමීන්)මෙසේ උත්ඝෝෂණය කරමින් ජෙනරාල් වෙනුවෙන් හඩ නැගී මෙන් ඔවුන්ට වෙන යහපතක් නොමැති තරම්ය.නමුදු ඔවුන් අද මෙලෙස හඩ නගන්නේ සිංහල ලේ වෙනුවෙනි. තම ජීවිතය තම පවුල සහ තමන්ගේ ජීවිතයේ සුන්දර සියලුම දේ අමතක කරමින් ඒවා සියල්ලම තම මවුබිම වෙනුවෙන් දිය කර හරිමින් දශක තුනක් පමන කුරීරු LTTE ත්‍රස්තයින්ගෙන් මවුබිම මුදා ගැනීමට තරම් නිර්භීත බවක් තිබූ ජෙනරල් අද වන සතෙකු සේ සිරකරගන සිටින්නේ දෝශප්‍රේමීන් ඔවුන් වන නිසාද?(පෝස්ටර් වල කටවුට් වල සහ මධ්‍ය වලින් බලහත් කාරයෙන් මිනිසුන්ගේ ඔලු ගෙඩි තුලට පොවීමෙන් සැබෑ දෝශප්‍රේමීන් නොවන්නේය.සැබෑ දෝශප්‍රේමීන් අඩ බෙර ගසා තමා දෝශප්‍රේමියා යෑයි නොපවසයි.අඩු කලය නොවේද හෙල්ලෙන්නේ)
එදා දෝශප්‍රේමීන් සහ දෝශදෝහීන් යැයි බෙදූ මොවුන්ම අද LTTE සහ සිංහල යන් යැයි බෙදා වෙන් කරමින් අද මුලු රටම පරම්පරාව විසින් වනසමින් සිටී.මා දන්නා පරිදි මා දෝශදෝහියෙකු හෝ LTTE ත්‍රස්තයෙකු නොවේ.
මම ජෙනරාල් වෙනුවෙන් පෝරකයට උව යාමට සූදානම්ය.ඒ මන්ද ජෙනරාල් එදා මුලු රටේම ජනතාව(සිංහල,දෙමළ සහ මුස්ලිම්)යැයි නොබෙදා එක මවකගේ දරුවන් සේ සලකා අප වෙනුවෙන් අවි අත දැරූ ඔහු වෙනුවෙන් අපට කැප කිරීම් කල නොහැක්කේ මන්ද?
ඔබ බුද්ධි මත්නම්(බත් කන තරමට හෝ)හිතා බලන්න ප්‍රජාතන්ත්‍රවාදයට හා නිදහසට මහා විනාශයක් අත ලගය...
Subscribe to:
Posts (Atom)









