Monday, March 22, 2010

මෙන්න අවශ්‍ය වන මෘදුකාංගයක්...



මේකෙන් අපේ පරිගණකයේ Screen Record කර ගත හැක.මෙය බොහෝවිට වැදගත් වන්නේ අපට youtub වලට හෝ යම්කිසි දෙයක් යමෙකුට පැහැදිලි කරදීමට වැදගත් මෘදුකාංගයකි.මෙය පහත Link එක මගින් Download කරගත හැක.
http://www.screen-capture-record.com/

Thursday, March 11, 2010

ගැජට්ස් ගැන අප නොදත් සහ අප දැන ගත යුතුම කතාවක්...









ඇමරිකාවේ වෙළඳ පොළ සමීක්ෂණ ආයතනයක් වන iSuppli විසින් පසුගියදා ලොව ජනප්‍රිය ඉලෙක්ට්‍රොනික් උපංග(ජනප්‍රිය)කිහිපයක වෙළඳ පොළ මිලහා එම උපාංග සදහා එකී සමාගම් වැය කෙරූ මුදලද මෙම සමීක්ෂණය තුලින් එළියට පැමිණ ඇත.

1.Apple iPad
දිනය.
2010 මාර්තු(Wi-Fi Models),2010 අප්‍රේල්(3G Models).
සිල්ලර මිල.
$499 සිට ආරම්භවේ.
උපාංග සදහා වැය කර ඇති මුදල.
$219.35 සිට $334.95 දක්වා.

2.Google Nexus One
දිනය.
2010 ජනවාරි 05
සිල්ලර මිල.
$179 ආරම්භවේ
උපාංග සදහා වැය කර ඇති මුදල.
$174

ඇමරිකාවේ T-Mobile සමාගමේ වසර 02 ගිවිසුමට යටත්ව $179 කටද නොමැතිව(ගිවිසුම)$529 අලවි කරයි.

3.Motorola Droid
දිනය.
2010 නොවැම්බර් 06
සිල්ලර මිල.
$199 ආරම්භවේ
උපාංග සදහා වැය කර ඇති මුදල.
$185

ඇමරිකාවේ Verizon Wireless සමාගමේ වසර 02 ගිවිසුමට යටත්ව $199 කටද නොමැතිව(ගිවිසුම)$59 අලවි කරයි.
4.Apple iPhone 3GS
දිනය.
2009 ජුනි 19
සිල්ලර මිල.
$199 ආරම්භවේ
උපාංග සදහා වැය කර ඇති මුදල.
$179.16
iPhon 3G නිෂ්පාදනයේදී iPhone 2G නිෂ්පාදනය කල මුදලින් $53 ක් අඩු කර ගැනීමට Apple සමාගම සමත් උවද iPhone 3GS මාදිලි යේදී $5 පමන වැඩිවී ඇත.මෙයට හේතුව Flash මතකයේ මිල එතරම් විශාල ලෙස අඩු නොවීම,ස්වයංක්‍රීය නාභිගත කිරීමක් සහිත(Auto-Focus)3-Megapixel කැමරාවක් සහිතව හා Samsung ක්‍රමලේඛන චිපය $1 වැඩිවීමයි.

5.Palm Pre
දිනය.
2009 ජුනි 06
සිල්ලර මිල.
$200 ආරම්භවේ
උපාංග සදහා වැය කර ඇති මුදල.
$137.83
Web OS නැමති නවතම මෙහෙයුම් පද්ධතියකින් ක්‍රියාත්මකවේ.මෙහි තිරය සදහා පමනක් $39.51 ක් වැයකර ඇත.එය සමස්ත දෘඩාංග සදහා වන වියදමින් 1/4 ක අගය ඉක්මවා යන්නකි.8GB Flash මතකයේ මිල $15.96 ද රැහැන් රහිත මොඩියුලයට $15.41 ද3-Megapixel කැමරාව වෙනුවෙන් $12.39 ක වියදමක් දරා ඇත.

6.Amazon Kindle 2
දිනය.
2009 පෙබරවාරි 09
සිල්ලර මිල.
$359
උපාංග සදහා වැය කර ඇති මුදල.
$185.49
$60 E Ink Corp.නිෂ්පාදිත තිරයටද,Novatel Wireless සමාගමේ රැහැන් රහිත මොඩියුලයට$39.50 ද Freescale Semiconductor සමාගමේ ක්‍රමලේඛන චිපය සදහා $8.64 ද Samsung මෙමරි චිපය සදහා $6.10 ද බාහිර ආවරණයට $4.45 ද බැටරි පද්ධතියට $7.50 වියදමක් සමාගම දරා තිබේ.

7.Apple iPod Shuffle
දිනය.
2009 මාර්තු 11
සිල්ලර මිල.
$49(4GB)ආරම්භවේ
උපාංග සදහා වැය කර ඇති මුදල.
$21.77
Samsung Flash මතකයට $6 ද Samsung චිපයක් යොදමින් සංගීතය හැසිර වීම හා පාලන ඒකකයට $5.98 ද බැටරිය සදහා $1.55 තවද හෙඩ්ෆෝනය සදහා $1.20 දරා ඇත.

8.Research in Motion BlackBerry Storm
දිනය.
2008 නොවැම්බර් 21
සිල්ලර මිල.
$249ආරම්භවේ
උපාංග සදහා වැය කර ඇති මුදල.
$202.89
Qualcomm සමාගමේ Wireless චිපයට $35 වියදම් කර ඇත.

9.Research in Motion BlackBerry Bold
දිනය.
2008 ඔක්තෝබර්
සිල්ලර මිල.
$300 ආරම්භවේ
උපාංග සදහා වැය කර ඇති මුදල.
$169.41
AT&T සමාගම හරහා මෙය $300 මිල නියම කර ඇත.

10.Apple iPhone 3G
දිනය.
2008 ජූලි 11
සිල්ලර මිල.
$199 ආරම්භවේ
උපාංග සදහා වැය කර ඇති මුදල.
$174.33
මුල්ම iPhone යට $227 වැය කර ඇත.

දැනට ඇති අන්තර්ජාලය මෙන් 100 වේගවත් ජාලයක් බිහිකරයි...


හුග කාලෙකින් මොකුත් ලියන්නත් බැරි උනානෙ.හැබැයි මේක බැලුවාම කට්ටියට පිස්සු හැදිල ආය හැදෙනව.වැඞි කතා ඕන නෑ කෙලින්ම මාතෘකාවට බහිමු.
මේකයි විස්තරය.අන්තර්ජාලයේ මහ ගෙදර වන Google නමින් ඇමරිකාවේ කැන්සාස් නගරය තාවකාලිකව නම් කිරීමට ටොපේකා නගරයේ ආණ්ඩුකාරවරයා වන විලියම් බුන්ටෙන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ මාර්තු මාසය සදහා පමණක් "ටොපේකා" නගරය "Google-Kansas"ලෙස වෙනස් කරන බවයි.මෙයට හේතුව ලෙස සදහන් කරන්නේ එය ලොව පලමු නවින ෆයිබර් ඔප්ටික්ස් නගරය ලෙස ඉතිහාස ගත වන බැවිනි.තවද සංචාරකයිනට විශේෂ ඇරයුමක්ද කර ඇත.
Google සමාගම විශේෂ නිවේදනයකින් පවසා ඇත්තේ තම සමාගම පරීක්ෂෂණ මට්ටමින් සුපිරි වේගයකින් යුත් Broadband Internet ජාලයක්(පුඑල්පරාස අන්තර්ජාල සේවාවක්)ක්‍රියාත්මක කරන බවය.එය දැන් තිබෙන අන්තර්ජාලයට වඩා 100 ගුණයකින් වේගවත් යැයි Google වැඩි දුරටත් පවසා ඇත.පරීක්ෂණ මට්ටමින් ක්‍රියා කරණ මෙම ජාලයට අනුව තත්ත්පරයට ගිගාබයිට් එකක දත්ත හුවමාරුවක් කිරීමට ඔවුන් බලා පොරොත්තු වෙයි.
කොහොමද වැඩේ... අපේ රටට මෙවැනි වේගයක් ලබාදීමට තවකල්ප කාලයක් යනු ඇත.

Thursday, February 18, 2010

තවත් බලා සිටිය නොහැකි තැන...




මේ දවස් වල Facebook වල සිංහල ජනතාව LTTE ත්‍රස්තවාදීන් යැයි හන්වඩු ගසමින් විවිධාකාරයේ ජායාරූප දමමින් විකාර අදහස් මිනිසුන්ගේ ඔලුවලට දැමීමට තරම් දෝශප්‍රේමීන් සැහැසි වී ඇත.අපේ රට බේරා දුන් විරුවා අද LTTE ත්‍රස්තයෙකි.අද ජෙනරාල් ෆොන්සේකා මහතා නොව අප සැම සහ ප්‍රජාතන්ත්‍රවාදයි මෙසේ සිරකර ඇත්තේ.එතෙර සිංහල(සැබෑම දෝශප්‍රේමීන්)මෙසේ උත්ඝෝෂණය කරමින් ජෙනරාල් වෙනුවෙන් හඩ නැගී මෙන් ඔවුන්ට වෙන යහපතක් නොමැති තරම්ය.නමුදු ඔවුන් අද මෙලෙස හඩ නගන්නේ සිංහල ලේ වෙනුවෙනි. තම ජීවිතය තම පවුල සහ තමන්ගේ ජීවිතයේ සුන්දර සියලුම දේ අමතක කරමින් ඒවා සියල්ලම තම මවුබිම වෙනුවෙන් දිය කර හරිමින් දශක තුනක් පමන කුරීරු LTTE ත්‍රස්තයින්ගෙන් මවුබිම මුදා ගැනීමට තරම් නිර්භීත බවක් තිබූ ජෙනරල් අද වන සතෙකු සේ සිරකරගන සිටින්නේ දෝශප්‍රේමීන් ඔවුන් වන නිසාද?(පෝස්ටර් වල කටවුට් වල සහ මධ්‍ය වලින් බලහත් කාරයෙන් මිනිසුන්ගේ ඔලු ගෙඩි තුලට පොවීමෙන් සැබෑ දෝශප්‍රේමීන් නොවන්නේය.සැබෑ දෝශප්‍රේමීන් අඩ බෙර ගසා තමා දෝශප්‍රේමියා යෑයි නොපවසයි.අඩු කලය නොවේද හෙල්ලෙන්නේ)
එදා දෝශප්‍රේමීන් සහ දෝශදෝහීන් යැයි බෙදූ මොවුන්ම අද LTTE සහ සිංහල යන් යැයි බෙදා වෙන් කරමින් අද මුලු රටම පරම්පරාව විසින් වනසමින් සිටී.මා දන්නා පරිදි මා දෝශදෝහියෙකු හෝ LTTE ත්‍රස්තයෙකු නොවේ.
මම ජෙනරාල් වෙනුවෙන් පෝරකයට උව යාමට සූදානම්ය.ඒ මන්ද ජෙනරාල් එදා මුලු රටේම ජනතාව(සිංහල,දෙමළ සහ මුස්ලිම්)යැයි නොබෙදා එක මවකගේ දරුවන් සේ සලකා අප වෙනුවෙන් අවි අත දැරූ ඔහු වෙනුවෙන් අපට කැප කිරීම් කල නොහැක්කේ මන්ද?
ඔබ බුද්ධි මත්නම්(බත් කන තරමට හෝ)හිතා බලන්න ප්‍රජාතන්ත්‍රවාදයට හා නිදහසට මහා විනාශයක් අත ලගය...

Tuesday, February 16, 2010

අපගේ ජනපති වහා නිදහස් කරනු...








ජන්දයද කොල්ලකා ජෙනරාල් සරත් ෆොන්සේකා මැතිතුමාගේ ජනපති කම නැතිකර දමා නින්දිත ලෙස ජෙනරාල්ව පැහැර ගෙන දැන් ඔහුට එරෙහිව එකදු වරදක් වත් ගොනු කොට නොහි මහරජ ලතවේ.අප සැබෑ වීරයාට වූ අසාධාරණයට දැන්ම පෙල නොගැසුනොත් ජෙනරාල්තුමාටද කිරීමට යන්නේ මේජ ජෙනරාල් ජානක පෙරේරා මැතිතුමාට කල හදියම මිස වෙන කුමක්ද?(මේජ ජෙනරාල් ජානක පෙරේරා මැතිතුමා ගැන වැදගත් ලිපියක් http://sadaharita.wordpress.com/2010/02/13/janaka_perera/ මෙම අඩවියේ ඇත.සෑම කෙනෙක්ම බැලිය යුතු බැවින් මා මෙහි මෙම Link එක එක් කරමි.)අද වන විට ජෙනරාල් රදවා ඇති තැන ජනෙල්ද සීල් තබා ඇති අතර වෛද්‍ය වරයා පවසා ඇත්තේ ඔහුට වායු සමීකරණයක් ලබාදෙන ලෙසය.සංවේදී නායකයෙකුගේ ලක්ෂණය ඕකද?අද පිල්ලයාන්ලා කරුණා අම්මාන් සුර සැප විදින අතර ජාතිය බේරා ගත් රටට ආදරය කල වීර සෙන්පති අපාදුක් විදියි.මෙවැනි දේවල් ලාංකික ජනතාව වශයෙන් අපට ඉවසිය හැකි වේද?
අද ජෙනරාල් හොරෙකි කුමන්ත්‍රනකරුවෙකි.නමුත් එදා ලොව හොදම හමුදාපතිය.මා දකින පරිදි ජෙනරාල් කල වැරදි නම් දෙකකි.
01.යුද්ධය දරුණු කාලයේදී ඔහු මවු බිම වෙනුවෙන් සටන් කිරීම.(ත්‍රස්තවාදයට භියේ ඇමරිකාවට පලා නොයා.)
02.ප්‍රජාතන්ත්‍රවාදීව ජනපතිවරණයට තරගකිරීම.(ආණ්ඩුව විසින් ලබා දුන් ලේඛම් කම භාර නොගෙන.)
ඉතින් ඕනෙම මිනිසෙකුට පේන්නැද්ද මේ දෙශපාලන වෛරයක් කියා.ජෙනරාල් සරත් ෆොන්සේකාමැතිතුමා(දේශයේ සැබෑම වීරයා කාඩ්බෝඩ් වීරයා මෙන් නොව)වහා නිදහස් කරනු...

Tuesday, February 2, 2010

අලුත් හැඩකාරයා...


කවදත් අලුත් නිර්මාණ ලොවට ඉදිරිපත් කිරීමේ හැකියාව අතින් Apple සමාගම කවදත් ඉදිරියෙනි.Apple iPad යනු ඔවුන්ගේ නවතම හදුන්වා දීමය.Apple සමාගම පවසන පරිදි iPad යනු ඊලග පරපුරේ තාක්ෂණය කැටි කොට ගත්තකි.Multi-Touch Display එක කින් බල ගැන්වුනු මෙය Touch Display එකක උපරිම ආශ්වාදය පාරිබෝගිකයාට ලබා දීමට සමාගම කටයුතු කර ඇත.
මෙහි ප්‍රධාන වශයෙන් වර්ග දෙකකට බෙදේ.එනම් Wi-Fi Model හා 3G Model යනුවෙනි.Wi-Fi Model එක 2010 මාර්තු වලද 3G Model එක 2010 අප්‍රියල් වලද වෙලද පොලට හදුන්වා දීමට Apple සමාගම මේවන විට කට යුතු සන්විධානය කරමින් සිටී.
මෙහි Technical Specifications නම්,
Size and weight1

Height:
9.56 inches (242.8 mm)
Width:
7.47 inches (189.7 mm)
Depth:
0.5 inch (13.4 mm)
Weight:
1.5 pounds (0.68 kg) Wi-Fi model;
1.6 pounds (0.73 kg) Wi-Fi + 3G model

Size and weight1

Height:
9.56 inches (242.8 mm)
Width:
7.47 inches (189.7 mm)
Depth:
0.5 inch (13.4 mm)
Weight:
1.5 pounds (0.68 kg) Wi-Fi model;
1.6 pounds (0.73 kg) Wi-Fi + 3G model

Display

* 9.7-inch (diagonal) LED-backlit glossy widescreen Multi-Touch display with IPS technology
* 1024-by-768-pixel resolution at 132 pixels per inch (ppi)
* Fingerprint-resistant oleophobic coating
* Support for display of multiple languages and characters simultaneously

Wireless and cellular
Wi-Fi model

* Wi-Fi (802.11a/b/g/n)
* Bluetooth 2.1 + EDR technology

Wi-Fi + 3G model

* UMTS/HSDPA (850, 1900, 2100 MHz)
* GSM/EDGE (850, 900, 1800, 1900 MHz)
* Data only2
* Wi-Fi (802.11a/b/g/n)
* Bluetooth 2.1 + EDR technology

Location

* Wi-Fi
* Digital compass
* Assisted GPS (Wi-Fi + 3G model)
* Cellular (Wi-Fi + 3G model)

වැඩි විස්තර සදහා පහත Link භාවිතා කරන්න.
http://www.apple.com
http://www.apple.com/ipad/specs/
http://en.wikipedia.org/wiki/Apple_iPad

Computer Game එකක් අපම හදා ගමුද?...




Microsoft Kodu පරිගණක ක්‍රීඩා කිරීමට නොව පරිගණක ක්‍රීඩා නිර්මාණයට හැකි ප්‍රොග්රැමිං ලැංග්වේජ් එකක් Microsoft සමාගම මේ වන විට සමත් වී සිටී.Kodu යනු එම ලැංග්වේජ් එකයි.Kodu හි අත්හදාබැලීමේ සංස්කරණයක් http://fuse.microsoft.com/kodu/ මෙම Kodu නිල වෙබ් අඩවියෙන් Windows OS වලට හෝ Xbox 360 ගේම් කන්ට්‍රෝලයකට උවද නොමිලේ ලබාගත හැක.
Kodu හි ඇති විශේෂත්වය නම් කෝඩ් නොලියා අයිකන පමනක් එහා මෙහා කර නිර්මාණය කල හැක.