Sunday, January 31, 2010

ලොව හොඳම Live CD 5...


1).Knoppix
(Linux වල පළමු Live CD වලින් එකකි.)
http://www.knoppix.net/
අවශ්‍ය නම් මෙමගින් නොමිලේ ලබාගත හැක.
2).Ultimate Boot CD 4 Windows
(මෙහි අතුරු මුහුනත Windows වලට සමානය)
http://www.ubcd4win.com/
අවශ්‍ය නම් මෙමගින් මෙයද නොමිලේම ලබාගත හැක.
3).Back Track
(මෙය මූලිකත්වය ගනු ලබන්නේ පරිඝණක ආරක්ෂාව සම්බන්දයෙනි)
http://www.backtrack-linux.org/
මෙයද නොමිලේම ලබාගත හැක.
4).Puppy Linux
(මෙය Ultimate Small Linux පවුලේ සාමාජිකයෙකි.100MB පමන අඩු ධාරිතාවයකින් යුතු බැවින් මෙය USB Pen එකක වුව පිටපත් කල හැක.Linux වලට නවකයන්ට භාවිතා කිරීමට හැකි ලෙස සරලව සකසා ඇත.)
http://puppylinux.org/main/index.php?file=Overview%20and%20Getting%20Started.htm
මෙයත් නොමිලේ දෙනු ලැබේ.
5).Ubuntu
(මෙය ගැන සදහන් කිරීමට දෙයක් නැත.මන්ද Ubuntu භාවිතා නොකල අයෙකු සොයා ගැනීම අපහසු බැවිනි.)
http://www.ubuntu.com/
මෙය නිවසටම තැපැල් මගින් නොමිලේ ගෙන්වා ගත හැක.

Tuesday, January 26, 2010

කොහොමද Youtube Video එකක් දාගන්නේ කොහොමද?...


Youtube වල Embed එක Copy කර Post එකට Paste කරන්න.
පහත Video Link එක බලන්න.

Monday, January 25, 2010

කල ගුණ සැලකිය යුත්තේ ජෙනරාල්ට ද මහින්දට ද?...







අප කල ගුණ සැලකිය යුත්තේ ජෙනරාල්ට ද මහින්දට ද?මගේ මතය නම් අප කල ගුණ සැලකිය යුත්තේ ජෙනරාල් සරත් ෆොන්සේකා ට බවයි.මන්ද මහ රජා යුධ ජයග්‍රහනය විකුනමින් කරන මේ බල ලෝභී වැඩ වලට අප හෙට ප්‍රති උත්තර ලබා දිය යුතුය.මහ රජ එදා ජන්දය ඉල්ලනු ලැබුවේ ත්‍රිවිද හමුදාවේ යුධ ජයග්‍රහනය පවසමින් ඔවුන්ගේ කර මතින් ගොස්ය(පළාත් සභා).නමුත් ජනාධිපතිවරණය ආරම්භයත් සමගම මේ රටේ ජාතික වීරයා වූ ජෙනරල්ට මඩ ගසමින් හා නොකල වැරදි කියමින් මහ රජ හා කේවට්ටයින් මේ කරන වැඩ කුජීත නොවේද?මතක තබා ගන්න දැනට මාස 03 කට පෙර ලොව හොඳම හමුදාපතිට මෙහෙම සැලකුවානම් රණවිරුවන් හා මහ ජනතාව ගැන කවර කථාද?මොවුන් බලය ලබා ගැනුමට ඕනෑම සක්කිලි ක්‍රියාවකට පෙලෙබෙන්නේය.තවද පහත Videos නරඹා තීරනයක් ගන්න.ඔබගේ ස්වාදීනව ජන්දය ලබා දීමට හා කැමති අපේක්ෂකයාව පත්කර ගැනීම ඔබගේ අයිතියකි.නමුත් බුද්ධි මත්ව තීරණයක් ගන්න.
අද මාධ්‍ය සදාචාරය ගැන කථාකරන ITN හා රූපවාහිනියට සදාචාරයක් තිබේද?නැත.පොඩිහෝ සදාචාරයක්
තිබුනේනම් මැතිවරණ නීති උල්ලංගණය කරමින් මහ රජාට කඩේ යයිද?








Friday, January 22, 2010

සැබෑම හිට්ලර් පෝල්පෝට් හා ඉඩියමින් කවුරුද...




සැබෑම හිට්ලර් පෝල්පෝට් හා ඉඩියමින් යනු මහරජතුමාය.මන්ද යත් මහින්ද කලේ වීරෝදාර රණවිරුවන් ලේ,ඉස්,මස් හා ජීවිත පූජා කරමින් යුද්දය ඉදිරියට යන විට මහරජ හා කේවට්ට රැල සිදුකලේ ජන්ද සිතියම ඇදීමටය.අහවල් දවසට අප කිලිනොච්චිය අල්ල ගන්නවා යනුවෙන් පවසමින් ද මේමෙහෙතේ ජන්දය පැරදුනොත් යුද්දය නැවැත් වීමට සිදුවන බවද පවසමින් ඔහු කලේ බලය ලබාගැනීමට කල් යල් බැලීමය.යුද්දය අවසන් වන තුරු "අපි වෙනුවෙන් අපි"යනුවෙන් රණ ගී කියු රාජ්‍ය මාධ්‍ය ඉන් පසුවට හැම මොහොතකම "ආයුබෝ වේවා මහරජ"යනුවෙන් පවසමින් රණ විරුවන්ගේ කර මතින් ගොස් රණවිරුවන් අමතක කර තමාත් තම පවුලත් යුද්දය අවසන් කලේයැයි අඩ බෙර ගසන මහරජ හිට්ලර් පෝල්පෝට් හා ඉඩියමින් නොවන්නේද?තවද අද තම පුතුවද හමුදාවට ලබා දුන්නයි අද අඩබෙර ගසන මහ රජා අවුරුදු 60 ක් තුල අප රට ලබාගත් ණය ප්‍රමානය අවුරුදු 04ක් තුල ලබා ගනිමින් මේ රටට කල සෙතක්ද නොවේ.
මේ රට මුදා ගැනීම තමාගේ ජීවිතය දෙවනි කොට සලකා ක්‍රියාකල සරත් ෆොන්සේකා මහතා අද රට පාවා දීමට කටයුතු සිදු කරන බව මහරජතුමා හා කේවට්ට රැල පවසති. මෙය වනාහි අවුරුදු උත්සවයකදී ප්‍රකාශ කලානම් හොඳම බොරුවට හිමි ත්‍යගය නියත වශයෙන්ම නොලැබෙයිද?ජෙනරාල් වැඩ කලේ රට සහ ජනතාව වෙනුවෙනි. මහ රජා ක්‍රියා කලේ තම පවුලේ සුකවිහරනය පිනිසය.එයින් නොනැවතී මහරජා දැන් දේශයේ වීරයෙකු වු ජෙනරාල්ට මඩ ගැසීම්ද චරිතය ඝාතනය කිරීමකද නිරිත වී සිටී.එහි කොන්ත්‍රත්තුව භාරව සිටින්නේ වාචාල කටවල් හිමි පිරිසක් හා ITN,රූපවාහිනී නාලිකා මෙන්ම ලේක්හවුස් ආයතන වලිනි.මේ ආයතන මැද මුලන බූදලයද?නැත අහිංසක මහ ජන මුදල්ය.
එ බැවින් බුද්දි මත්ව හිතා බලන්න සැබැවින්ම හිට්ලර් පෝල්පෝට් හා ඉඩියමින් මහ රජු නොවෙද?

Friday, January 15, 2010

LTTE කොන්ත්‍රත්තුව ආණ්ඩුව අතට...

2009 නොවැ.04 TamilNet වෙබ් අඩවිය කියා සිටියේ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ ඥාතියෙකුට එරෙහි අවි ගනුදෙනුවක් ගැන වාර්තාවක් භාරදීමට "සංහාරයට එරෙහි දමිළයෝ"(Tamils Against Genocide)සංවිදානය සූදානම් වන බවයි.
අද විමල් දෙබෑයන්(රයිගමයයි ගම්පලයයි)රටපුරා දුවන්නේ ඒ කොටි වාර්තාව කරපින්නාගෙනය.
මෙවුන් අද කරන්නේ "සංහාරයට එරෙහි දමිළයෝ" සංවිදානයට කල නොහැකිවු කොන්ත්‍රත්තුව ඉටු කිරීමට නොවේද?අනේ අපොයි මෙහෙම දේශප්‍රේමීන්. මොවුන් වැනි ඊනියා දේශප්‍රේමීන් පොල් පිති වලින්ද කැපිය නොහැකිද?

අලුත්ම අලුත් දේශප්‍රේමියා...



රජුගේ පුත් නාමල් රාජපක්ෂ ලන්ඩන් වලදී එල්.ටී.ටී.ඊ සංවිධානයේ ජාත්‍යන්තර මූල්‍ය ප්‍රධානී එමිල් කාන්ත් හමුවී රහසිගත සාකච්ඡාවක් පවත්වා ඇත.කුමක් සදහාද?තාරුණ්‍යයට හෙටක් වෙනු වෙන්ද?ඔහු අලුත් දේශප්‍රේමියා නොවේද?රට පාවාදෙමින් සිටින්නේ සැබෑම සංවේදී නායකයාද,සංවේදී යැයි කියා ගන්නා මහ රජාද?කක්කුට්ටා(වැඩ බැරි හැකර කටක් ඇති විමල්)දැන් කක්කුටු බෙනේට රින්ගා ගෙනය.මොවුන්ගේ දේශප්‍රේමීත්වය කොහිද?දැනුත් පාරට බැහැපල්ලා ITN,රූපවාහිනියට ගිහින් ගිරිය පුප්පල කෑගහ පල්ලකො රාජපක්ෂ යුව රජු රට වනසනව කියල.

ඊනියා දේශප්‍රේමීන් සහ සැබෑ දේශප්‍රේමීන්...





අද රටේ මහජනතාව දෙවර්ගයකට බෙදා වෙන් කෙට අවසානය.එනම් දේශප්‍රේමීන් හා දේශදෝහීන් යනුවෙනි.නමුදු දේශප්‍රේමීත්වයට මුවාවී රට විනාශ මුඛයට ඇදීමට මහ රජ හැකි සෑම ප්‍රයත්නයක්ම ගැනීමට ඉදිරිපත්ව සිටී.මීට මාස 03 කට පෙර ලොව හොඳම හමුදා පති අද දේශදෝහියෙකි හොරෙකි රට බෙදා වෙන්කරන්නෙකි.මේ කරුනු ඇත්තද?දිය හැකි හොඳම පිළිතුර "නැත" යන්න නොවන්නේ මන්ද?හමුදා පති සිටියේ රජතුමාගේත් ආරක්ෂක ලේඛම්ගේත් යටතේ නොවේද?එබැවින් යම් හොරකමක් සිදුවී ඇත්නම් ඔවුන් දෙදෙනාද වගකිව යුතු නොවේද?එයින්ම පැහැදිලි වන්නේ ආණ්ඩුව හා මහ රජානන්ගේ මාධ්‍ය මේ ගෙන යන්නේ මඩ ගැසීමේ වැඩ සටහනක් බව අප දැනගත යුතුය(මොලය යන්තම් හෝ තිබෙන් නෙකු).එදා වේලු පිල්ලේ ප්‍රභාකරන්ටද කල නොහැකිව තිබූ දෙය අද මේ රජා සහ කේවට්ටයෝ රුල යහමින් සිදු කරමින් දේශප්‍රේමීන් වීමට උත්සහ කරයි.අද ප්‍රභාකරන් සහ රැල කනත්තේ සිට අපට සිනා නොවන්නේද?අද මෙතෙක් ඇමරිකාවේ ජීවත් වු උපුල් ඉලංගමගේට හදිස්සියේ රට ජාතිය මතක් වූයේ කුමටද?ආණ්ඩුව ඉතා හොඳින් මේ ජන්ද සටන මෙහෙයවමින් සිටී(.කක්කුට්ටා වතුර හැලිය රත්වන තුරු නටන්නා සේ).ජන්ද 100ක් හෝ ලබාගත නොහැකි හැල ගෙන්බන් රුපියල් කෝටි 03 කට ගැනීමට තරම් ජෙනරාල් සරත් ෆොන්සේකාගේ ජන්ද ව්‍යපාරය දුර්වල වීද නැත.පට්ට පල් බොරු ගොතමින් දේශප්‍රේමීන් රැල වලි කන්නේ කුමටද?