Monday, January 4, 2010

මාදුටු Apple iPhone




Apple iPhone යනු නව ආරක් ජනතාව වෙත හදුන්වා දුන් විශාල ඉදිරි පියවරක් තැබු ජංගම දුරකතනයකි.හුග දෙනෙක් Apple iPhone දුරකතනයට විවේචන එල්ල කලද එදා මෙදා කාලය තුල ලොව ජංගම දුරකතන වල එතෙක් පැවති සම්ප්‍රධාය වෙනසකට ලක්කර ලොව තරුණ පරපුර අමන්දා නන්දයට පත් කල දුරකතන අතලොස්ස අතරින් ඉදිරියෙන්ම සිටින දුරකතනයකි.

මෙහි 2G දුරකතනයේ විශාල අඩු පාඩු පැවතියද දුරකතනය භාවිතා කරන්නාට එය නොදැනෙන පරිදි නිර්මාණය කර ඇත.ප්‍රදාන වශයෙන්ම touch screen යක් යනු කුමක්දැයි හදුන්වා දීමේ පුරෝගාමියා ද,නැවුම් වූ හැඩය හා හුරුබුහුටි නිමාව මෙන්ම user friendly බවද උපතින්ම හිමිකර ගත් Apple iPhone නැමති ජව සම්පන්නයා ලොව තරුණ පරපුරේ නවමු විලාසිතාව බවටද නොබෝ දිනකින් පත් විය.

Apple iPhone Copy කරමින් විවිධ සමාගම් දුරකතන හදුන්නා දුන්නද එම දුරකතන තවමත් ඉතාමත් ප්‍රතමික මට්ටමක පවතී.

Sunday, January 3, 2010

සංවේදී නායකයාගේ මැරයෝ නැවතත් කිරිබත්ගොඩදී ඩෙගානටයි...





ඊයේ උදේ කිරිබත්ගොඩ යුධ පිටියක් කිරීමට සංවේදී යැයි බලහත්කාරයෙන් කියා ගන්නා මහරජතුමාගේ මැර පිරිස් වීර සෙන්පති ජනරල් සරත් ෆොන්සේකා මහතාගේ අධාර කරුවනට දිගට හරහට පහර දෙන ලදී.මේකටද සංවේදී යැයි කියා ගන්නේ?

වසර 40 රට ජාතිය වෙනුවෙන් ජීවිතය පරදුවට තබමින් එකම ධඡයක් යටතේ රට නිදහස් කරගත් යුගයේ විසිෂ්ටතම නායකයා වන ජනරල් සරත් ෆොන්සේකා අද දේශදෝහී ලේබලය අලවමින්ද,මේරටට මිලකල නොහැකි රටට වටිනා මිනිස් ජීවිත හා මහජන දේපල වැනසු පිල්ලයාන්ලා කරුනා අම්මාන් වැන්න වුන් අද දේශහිතේශින්ද වී ඇත.

ඉතින් මහරජ දැන්වත් සැබෑම සංවේදී නායකයා වන ජනරල් සරත් ෆොන්සේකා මහතාට මඩ ගැසීම් හා මැර පිරිස් ලවා පහර දීම් නවතා දැම්මනම් හරි නේද?

Saturday, January 2, 2010

Windows 7 ගැන යමක්...


අද දවසේ මගේ දෙවන Blog ලිපියයි.
Microsoft සමාගමේ නවතම මෙහෙයුම් පද්ධතිය වන Windows 7 Windows Vista හි වැඩි දියුනු කරන ලද ඉතා සාර්ථක මෙහෙයුම් පද්ධති වලින් ඉදිරියෙන් සිටින්නකි.මෙය වසරක කාලයක් සදහා License Free ලබා දුන්නා මතක ඇති නේද.දැන් ඔවුන් මෙය වෙළදපොලට ලබාදී තිබෙනවා.මෙහි මිල ගණන් නම් අපට දැරීමට අපහසුයි.මිල ගණන් හා වැඩි විස්තර සදහා මෙම Link එක භාවිතා කරන්න.
http://store.microsoft.com/microsoft/Windows-Windows-7/category/102

කොහොමද ගණන්?පිස්සු හැදෙනව නේද?Windows 7 Ultimate එකට රුපියල් 23000 පමන.
ඔය අතර මට හම්බුනා Windows 7 Ultimate හො....... කොපියක්. මේක හො....... කොපියක් උවද Microsoft Security Essentials ඉතා හොඳින් වැඩ දැන්නම් මල් හතයි.කාට හරි මෙයින් කොපියක් ඕනිනම් කියන්න.

Friday, January 1, 2010

නව වසරට මම තැග්ගක් දෙන්න හිතුව...


ඔන්න මගේ 2010 නව වසරේ පළමු Blog ලිපිය.සමහරවිට දැනටමත් Google wave invitation හම්බ වෙන්න ඇති.නමුත් හමු නොවු කෙනෙක් ඉන්නවනම් ටාර් ගාල E-mail Address එවන්න.හැබැයි පළමු හතර දෙනාට පමනයි.

Thursday, December 31, 2009

2010 ඔබ සැමට සුබ නව වසරක් වේවා.........


මෙය මගේ දෙවන Blog ලිපියයි.ඒවගේම මේ වසරේ අවසන් Blog ලිපියයි...
තව පැය කිහිපයකින් ලබන්නා වු 2010 නව වසර සාමය සතුට පිරි සුභම සුභ නව වසරක් වේවා.....

Sunday, December 27, 2009

මමත් දැන් සිංහල Blog ලියනව......

හුග කලක සිට මගෙ හිතේ තිබුනු ආසාවක් වු Blog ලිවීම මම අද ඉටු කරගත්තා.අද සිට මම දිගටම වගේ Blog ලිවීමට අදහස් කරමි.නමුදු ප්‍රශ්නයකට ඇත්තේ මම තවම Blog ලිවීම පිලිබදව නවකයෙකු වීමයි.එබැවින් මා අතින් සිදුවන වැරදි මග ඇරීම් සම්බන්දව සිය දහස් වරක් සමාව ඉල්ලමි.වැරදි මග ඇරීම් ගැන ඔබගේ අදහස් යෝජනා හා චෝදනාද මා බලාපොරොත්තු වෙමි.මන්ද මගේ වැරදි නිවැරදි කර ගැනීමට ඔබගේ අදහස් යෝජනා හා චෝදනාද මා හට වැදගත් වන බැවිනි.