Thursday, March 11, 2010

දැනට ඇති අන්තර්ජාලය මෙන් 100 වේගවත් ජාලයක් බිහිකරයි...


හුග කාලෙකින් මොකුත් ලියන්නත් බැරි උනානෙ.හැබැයි මේක බැලුවාම කට්ටියට පිස්සු හැදිල ආය හැදෙනව.වැඞි කතා ඕන නෑ කෙලින්ම මාතෘකාවට බහිමු.
මේකයි විස්තරය.අන්තර්ජාලයේ මහ ගෙදර වන Google නමින් ඇමරිකාවේ කැන්සාස් නගරය තාවකාලිකව නම් කිරීමට ටොපේකා නගරයේ ආණ්ඩුකාරවරයා වන විලියම් බුන්ටෙන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ මාර්තු මාසය සදහා පමණක් "ටොපේකා" නගරය "Google-Kansas"ලෙස වෙනස් කරන බවයි.මෙයට හේතුව ලෙස සදහන් කරන්නේ එය ලොව පලමු නවින ෆයිබර් ඔප්ටික්ස් නගරය ලෙස ඉතිහාස ගත වන බැවිනි.තවද සංචාරකයිනට විශේෂ ඇරයුමක්ද කර ඇත.
Google සමාගම විශේෂ නිවේදනයකින් පවසා ඇත්තේ තම සමාගම පරීක්ෂෂණ මට්ටමින් සුපිරි වේගයකින් යුත් Broadband Internet ජාලයක්(පුඑල්පරාස අන්තර්ජාල සේවාවක්)ක්‍රියාත්මක කරන බවය.එය දැන් තිබෙන අන්තර්ජාලයට වඩා 100 ගුණයකින් වේගවත් යැයි Google වැඩි දුරටත් පවසා ඇත.පරීක්ෂණ මට්ටමින් ක්‍රියා කරණ මෙම ජාලයට අනුව තත්ත්පරයට ගිගාබයිට් එකක දත්ත හුවමාරුවක් කිරීමට ඔවුන් බලා පොරොත්තු වෙයි.
කොහොමද වැඩේ... අපේ රටට මෙවැනි වේගයක් ලබාදීමට තවකල්ප කාලයක් යනු ඇත.

5 comments:

  1. කවදා අපිට Google-Kandy හරි Google-Colombo හරි කියන්න ලැබෙයිද දන්නෑ

    ReplyDelete
  2. නියමයි, අපිට ඉතින් හූල්ලන්න තමා වෙන්නෙ.....

    ReplyDelete
  3. පිස්සු හැදිල ආයෙත් හැදෙනව.

    ReplyDelete
  4. බය වෙන්න එපා ලගදීම Google-Hambantota කියල කියන්න පුලුවන් වෙයිZz...

    හික්ස්........

    - සොරො

    ReplyDelete
  5. අයියෝ සිම්පල්නේ අපේ රටත් ඉතාමත්ම ලඟදීම ඔහොම වෙනවා. (මම කිව්වේ වසර 2200දී විතර. හික්ස්...)

    ReplyDelete