Thursday, February 18, 2010

තවත් බලා සිටිය නොහැකි තැන...




මේ දවස් වල Facebook වල සිංහල ජනතාව LTTE ත්‍රස්තවාදීන් යැයි හන්වඩු ගසමින් විවිධාකාරයේ ජායාරූප දමමින් විකාර අදහස් මිනිසුන්ගේ ඔලුවලට දැමීමට තරම් දෝශප්‍රේමීන් සැහැසි වී ඇත.අපේ රට බේරා දුන් විරුවා අද LTTE ත්‍රස්තයෙකි.අද ජෙනරාල් ෆොන්සේකා මහතා නොව අප සැම සහ ප්‍රජාතන්ත්‍රවාදයි මෙසේ සිරකර ඇත්තේ.එතෙර සිංහල(සැබෑම දෝශප්‍රේමීන්)මෙසේ උත්ඝෝෂණය කරමින් ජෙනරාල් වෙනුවෙන් හඩ නැගී මෙන් ඔවුන්ට වෙන යහපතක් නොමැති තරම්ය.නමුදු ඔවුන් අද මෙලෙස හඩ නගන්නේ සිංහල ලේ වෙනුවෙනි. තම ජීවිතය තම පවුල සහ තමන්ගේ ජීවිතයේ සුන්දර සියලුම දේ අමතක කරමින් ඒවා සියල්ලම තම මවුබිම වෙනුවෙන් දිය කර හරිමින් දශක තුනක් පමන කුරීරු LTTE ත්‍රස්තයින්ගෙන් මවුබිම මුදා ගැනීමට තරම් නිර්භීත බවක් තිබූ ජෙනරල් අද වන සතෙකු සේ සිරකරගන සිටින්නේ දෝශප්‍රේමීන් ඔවුන් වන නිසාද?(පෝස්ටර් වල කටවුට් වල සහ මධ්‍ය වලින් බලහත් කාරයෙන් මිනිසුන්ගේ ඔලු ගෙඩි තුලට පොවීමෙන් සැබෑ දෝශප්‍රේමීන් නොවන්නේය.සැබෑ දෝශප්‍රේමීන් අඩ බෙර ගසා තමා දෝශප්‍රේමියා යෑයි නොපවසයි.අඩු කලය නොවේද හෙල්ලෙන්නේ)
එදා දෝශප්‍රේමීන් සහ දෝශදෝහීන් යැයි බෙදූ මොවුන්ම අද LTTE සහ සිංහල යන් යැයි බෙදා වෙන් කරමින් අද මුලු රටම පරම්පරාව විසින් වනසමින් සිටී.මා දන්නා පරිදි මා දෝශදෝහියෙකු හෝ LTTE ත්‍රස්තයෙකු නොවේ.
මම ජෙනරාල් වෙනුවෙන් පෝරකයට උව යාමට සූදානම්ය.ඒ මන්ද ජෙනරාල් එදා මුලු රටේම ජනතාව(සිංහල,දෙමළ සහ මුස්ලිම්)යැයි නොබෙදා එක මවකගේ දරුවන් සේ සලකා අප වෙනුවෙන් අවි අත දැරූ ඔහු වෙනුවෙන් අපට කැප කිරීම් කල නොහැක්කේ මන්ද?
ඔබ බුද්ධි මත්නම්(බත් කන තරමට හෝ)හිතා බලන්න ප්‍රජාතන්ත්‍රවාදයට හා නිදහසට මහා විනාශයක් අත ලගය...

6 comments:

  1. මචං මෙකට අපෙ දරුවන්ටත් හෙනගහයි. අපිට මෙ විරයා වෙනුවෙන් මුකුත් කරන්න බැරුව ගිය හින්දා. දැන් ඔය ජාතික එකෙයි අයි.ටි.එන් එකෙයි ඉන්න උන්ගෙ දරුවො අබ්බගාතයො වෙලා ඉපදෙයි. මෙ කරන අපරාධෙ දැක දැකත් උන් මෙකට සල්ලි ටිකක්, රස්සවක් හින්දා උදව් දුන්න නිසා. මචං කොහොමද බන් මෙච්චර මොඩ මිනිස්සුද අපෙ වටෙ ඉන්නෙ....මම 2005 මහින්ද ට චන්දෙ දුන්න කෙනෙක්. මට මෙ රට ගැන එපා වෙලා ඉන්නෙ. සරත් ෆොන්සෙකත්, විජය කුමාරතුංග වගෙ ටික දවසකින් මරලා දායි.

    ReplyDelete
  2. මචං මම සතුටු වෙනව ඔබට පසුව හෝ අහපත අයහපත වෙන්කර හදුනා ගැනීමට හැකි වීම ගැන.අද රටට ද අවශ්‍ය ඔබ වැන්නන්ය.මජෙනරාල් ඇත්ත කතා නොකර මහරජාට කඩේ ගියානම් බොහෝ අය පවසන පරිදි ඔහුට අද නියම රජෙක් වගේ සිටිය හැකි විනි.ජෙනරාල්ගේ වරදනම් මේ රටේ අසරණ අහිංසක ජනතාව වෙනුවෙන් කතාකිරීමය.ඔබට මතකද මේජ ජෙනරාල් ජානක පෙරේරා මැතිතුමාට මේ හැතිකරය කල විනාශය.අද රටේ තත්වය ඕකය.මෙවැනි දේ ලියන ඇත්ත කතාකරන පුද්ගලයන් දෝශදෝහීන් ලෙස හංවඩු ගැසීමට මහරජුද හැකර කටවල් ඇත්තන්ද පසුබට නොවේ.මහරජාට කඩේ යන්නන් දෝශප්‍රේමීන්ය.නමුදු රටේ මිනිසුන්ට සත්‍ය අවබෝද වන විට අශ්වයා ගිහින්ය.මචං අපේ මිනිසුන්ට සත්‍ය අවබෝද වන තුරු අප මේ නරා වලේම සිටිය යුතුය.නමුදු ඔබේ ප්‍රතිචාරය තුලින් ඒ සත්‍ය මහජනතාවට අවබෝද වන දින වැඩි ඈතක වීමට නොපුලුවන.ඔබට සදා ජය...
    ජෙනරාල් නිදහස් කරන තුරු අප සටනේ...

    ReplyDelete
  3. සහතික ඇත්ත උඹේ කතාව..මෙහෙම අසික්කිත වැඩ කරන එකාලව ඔතනට ගේන්න වචනෙන් හරි උදව් කරපු හැමෝටම හෙන ගහනවා රටේ යුද වීරයට මේ කරන කැත වැඩේට.ජෙනරාල් ෆොන්සෙකා කියන්නෙ පිලිමයක් හදල එතනින් බැහැල යන්න ඕනි කියල නීතියක් දාල සමරන්න ඔනෙ වීරයෙක්.කාට හරි එහෙම නෙවේ කියල හිතෙනවාමන් අහල බලන්න පක්ශ කන්නාඩිය ගලවල තමුන්ගෙ හදවතෙන්.මේ වගේ අසධාරණ රටක ජිවත් වෙලා මොකටද කියල හිතෙන්නෙ මෙ වගෙ වෙලාවක.අපි ජනතාව පක්ශ භේද නැතුව හඩ නගන්න ඔනෙ වෙලාවක් මේක.ජය වේවා!!!

    ReplyDelete
  4. උබල වගේ හෘර්ධ ෂාක්ෂියට වැඩ කරන මිනිස්සු තවම අප අතර ඉන්නවයි කින එකද මහා පුදුමයකි.මචං උබල සැබෑම සිංහලයින්.(මා මෙතෙක් කල් සිංහලයෙක් කියල කියන්න ලැජ්ජ උනා නමුත් මම දැන් ආඩම්බර වෙනව)ජෙනරාල්ව නොව අද මේ රටට අනාගතයයි තමයි මේ අසික්කිත හැත්ත හිරකරන් ඉන්නෙ.උබල කිව්ව වගේ මුන්ට හෙනම ගහනව මේ කරන අපරාධ වලට.කවදාවත් මුන්ට ගැලවීමක් නම් නැහැ.අපට කවදා සුභ සිහින දැකීමට හැකි වේද?අන්න එදාට දිනූ මේ නිදහස සැබෑම නිදහසක් වේ.ජෙනරල් නිදහස් කරන තුරු අපි එක්වී නිර්භීතව සටන් කරමු.අප එසේ කලෙත් කවදා හෝ අප දරුවන්ද අපට වීරයන් ලෙස සලකනු ඇත.(වීරයෙකු වීමට අවශ්‍ය නොවේ.නමුදු භය ගුල්ලෙකු ලෙස වසර සීයක් ජීවත් වීමට වඩා වීරයෙක් ලෙස තප්පරයක් ජීවත් උවද වටී)ජය වේවා...
    සැබෑ දෝශප්‍රේමියා වෙනුවෙන් සටන් කරමු...

    ReplyDelete
  5. මිදුම ඔබ කියවනවා. දේශපාලනය , සිවිල් පරිපාලනය , හමුදා පරිපාලනය වෙන් වෙන් කොට සිතිය යුත්තක්. මේ විෂයයන් එකිනෙකට පෑහෙන්නේ නෑ. සරත් ෆොන්සේකා මහතා හමුදා පරිපාලනයෙන් බැහැරව දේශපාලන සහ සිවිල් සමාජයන්හී ගති ස්වරූපයන් හා ගැටෙන්නට යාමෙන් මේ උපද්‍රව වලට ගොදුරු වුවායයි මීදුම සිතනවා . අද පාර්ලිමේන්තු මැතිවරණය උදෙසා ප්‍රධාන දේශපාලන පක හැසිරෙන ස්වරූපය දෙස අවධානය යොමු කරන්න. ජනාධිපතිවරණයේදී අත්වැල් බැද ගත් කණ්ඩායම් තනි තනිව කටයුතු කිරීමට සුදානම් වන අයුරු නිරීක්ෂණය වනවා නේද ?. දේශපාලන පක්ෂ , නායකයින් මංත්‍රීන්, ඇමති වරුන් ගැන අනවශ්‍ය ලෙස විශ්වාසය තබා ගැණිම අප වගේ ඡන්දදායකයින්ට අවාසියක්. හැම පැත්ත ගැන ම තොරතුරු සොයන්න. කෝනයන් වෙනස් කර කර බලන්න. සමබර නිර්මාණ පලකරන්න හැකිවේවී. යාථාර්තය තේරුම් ගන්නට හැකි වේවි.මීදුම ඔබ සමග රැදෙනවා.

    ReplyDelete