Tuesday, February 16, 2010

අපගේ ජනපති වහා නිදහස් කරනු...








ජන්දයද කොල්ලකා ජෙනරාල් සරත් ෆොන්සේකා මැතිතුමාගේ ජනපති කම නැතිකර දමා නින්දිත ලෙස ජෙනරාල්ව පැහැර ගෙන දැන් ඔහුට එරෙහිව එකදු වරදක් වත් ගොනු කොට නොහි මහරජ ලතවේ.අප සැබෑ වීරයාට වූ අසාධාරණයට දැන්ම පෙල නොගැසුනොත් ජෙනරාල්තුමාටද කිරීමට යන්නේ මේජ ජෙනරාල් ජානක පෙරේරා මැතිතුමාට කල හදියම මිස වෙන කුමක්ද?(මේජ ජෙනරාල් ජානක පෙරේරා මැතිතුමා ගැන වැදගත් ලිපියක් http://sadaharita.wordpress.com/2010/02/13/janaka_perera/ මෙම අඩවියේ ඇත.සෑම කෙනෙක්ම බැලිය යුතු බැවින් මා මෙහි මෙම Link එක එක් කරමි.)අද වන විට ජෙනරාල් රදවා ඇති තැන ජනෙල්ද සීල් තබා ඇති අතර වෛද්‍ය වරයා පවසා ඇත්තේ ඔහුට වායු සමීකරණයක් ලබාදෙන ලෙසය.සංවේදී නායකයෙකුගේ ලක්ෂණය ඕකද?අද පිල්ලයාන්ලා කරුණා අම්මාන් සුර සැප විදින අතර ජාතිය බේරා ගත් රටට ආදරය කල වීර සෙන්පති අපාදුක් විදියි.මෙවැනි දේවල් ලාංකික ජනතාව වශයෙන් අපට ඉවසිය හැකි වේද?
අද ජෙනරාල් හොරෙකි කුමන්ත්‍රනකරුවෙකි.නමුත් එදා ලොව හොදම හමුදාපතිය.මා දකින පරිදි ජෙනරාල් කල වැරදි නම් දෙකකි.
01.යුද්ධය දරුණු කාලයේදී ඔහු මවු බිම වෙනුවෙන් සටන් කිරීම.(ත්‍රස්තවාදයට භියේ ඇමරිකාවට පලා නොයා.)
02.ප්‍රජාතන්ත්‍රවාදීව ජනපතිවරණයට තරගකිරීම.(ආණ්ඩුව විසින් ලබා දුන් ලේඛම් කම භාර නොගෙන.)
ඉතින් ඕනෙම මිනිසෙකුට පේන්නැද්ද මේ දෙශපාලන වෛරයක් කියා.ජෙනරාල් සරත් ෆොන්සේකාමැතිතුමා(දේශයේ සැබෑම වීරයා කාඩ්බෝඩ් වීරයා මෙන් නොව)වහා නිදහස් කරනු...

3 comments:

  1. gen sarath fonseka kawda? mokekda? karuna, wimal weerawansa, champika ranawaka, bazil anna minisu e katiyane rata bera gathe yudha karala.

    ReplyDelete
  2. අපේ රටේ පාලකයෝ සහ උන්ට ඡන්දෙ දෙන අය හිතාගෙන ඉන්නේ ඇමෙරිකාවට තියෙන ලොකුම වැඩේ ලංකාව සම්බන්ධයෙන් කුමන්ත්‍රණය කරන එක කියලා. ඇමෙරිකාවේ කැබිනට් මණ්ඩලේ ඉන්න ඇමතිවරැන‍්ගෙන් වෙන වෙනම අහන්නකෝ උන් වැඩි‍ දෙනෙක් ශ්‍රී ලංකාව කියලා රටක් තියෙනවාද කියල දන්නෙත් නැහැ.

    ReplyDelete
  3. ඔයාගේ බ්ලොග් එකත් දේශපාලන පි‍ටුවට දාන්න කියල කාලිංගට කියන්න වෙයි.. වැගේ..

    ReplyDelete